සුමනදාසගේ අනා ගැනිමෙන් පසු රාජපක්ෂ පවුලේ අසාර්ථක දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින විජිත රෝහණ විජේමුණි නමැත්තා විසින් රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අනාවැකි, වඩාත් තාර්කීක ප්‍රවේශයක් ඔස්සේ ප්‍රවීණ ජෝතීර්යවේදී ඉන්දික තොටවත්ත මහතා විසින් බිඳ හෙලනු ලැබුවා.

ගෙවීගිය වසර කිහිපයේදී පරාජයන්ම මිස ජයග්‍රහණයන් නොලැබූ මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය මේ වන විට ලාංකීය දේශපාලනයේ අවලංගු කාසි බවට පත්ව හමාරය. ඒ චෞර පවුලේ හතර කේන්දරයම පාලු වීද හමාරය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අතිසාර්ථකත්වයට පත්වීම හේතුවෙන් දැඩි මානසික පීඩනයටත් කෝපයටත් පත්ව ඇති රාජපක්ෂවරුන් ජෝතීර්යවේදීන් යැයි කියාගන්නා කුලී ඇම්බැට්ටයන් ලවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පහර ගැසීම ගැන අප පුදුම නොවිය යුතුය. දිනෙන් දින නිදහස් පාක්ෂිකයින්ගේ හිත් දිනා ගනිමින් ඉදිරියටම යන මෛත්‍රීව දේශපාලනිකව පරාජය කිරීමට නොහැකි කල ජාතිවාදයත්, ඇම්බැට්ටයින් ලවා කියවන බොරු බේගලුත් හැර රාජපක්ෂලාගේ පිහිටට සිටින්නේ කවුද?

ඉන්දික තොටවත්ත මහතාගේ අදහස් වලට සවන් දීමට පහත වීඩීයෝව නරඹන්න.

LEAVE A REPLY