විදුලි බිල්පත් වෙනුවට Smart meter ක්‍රමය හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ විදුලි බිල්පත් නිලධාරීන්ගේ 24වන සංවත්සරයට සමගාමීව අද(29) පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

මේ හේතුවෙන් විදුලි බිල්පත් නිලධාරීන්ගේ තනතුර හා සංගමයේ නාමය වෙනස් කළ යුතු බවත්, එය විදුලි පාරිබෝගික සම්බන්ධීකාරක යන නමින් හදුන්වා දීමට නියමිත බවත්ය.

මේ යටතේ සැමට ඉහළම විදුලියක් ලබා දීමේ අරමුණ ඇතිව සියලුම පාරිබෝගිකයින්ට ඉතාමත් කෙටි කාලයක් තුළ  මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම  Smart meter පද්ධතිය චීනයෙන් නිෂ්පාදනය කර ගෙන්වීම වඩාත් ලාභදායී ක්‍රමවේදයක් බව පෙන්වා දෙන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එම මීටර් පද්ධතිය ලංකාවේ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන බවයි.

එමෙන්ම මෙම නව හදුන්වාදීම මගින් කිසිවෙකුගේ රැකියාවක් අහිමි නොවන බවද ඒ මහතා පෙන්වා දුනි.

පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලය අභියෝග රැසකට මුහුණ දුන් නමුත් එය විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය බවට පත් කිරීම අරමුණ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලිබල මණ්ඩලයේ සිදු වූවා යැයි පැවසෙන වංචා දූෂණ කිසිවක් සිදු වී නොමැති බවයි.

එමෙන්ම ඇතැම් පුද්ගලයින් කුමන චෝදනා එල්ල කරනු ලැබුවද ඉන් නොසැලී සිටීමට තමන්ට මෙන්ම තම ආණ්ඩුවට දේශපාලන කොන්දක් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY