පසුගිය සමයේ බලයෙන් උන්මාදවී සිටි හිටපු ජනාධිපතිවරයාගේ පුතුන් යහපාලන රජයේ ඇති නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවතත් පිස්සු කෙලීමට පටන් ගෙන තිබෙනවා.

මීට හොඳම උදාහරණය නම් ඊයේ රාත්‍රියේ “ක්ලික් සමාජ ශාලාවේ” ඇති වී තිබෙන ගැටුමයි. යෝශිත රාජපක්ෂ දැනට ඔහු සම්බන්ධකම් පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තගේ දියණිය ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගොස් සිටින නිසා එයින් දැඩිසේ සිත් තැවුලට පත්ව සිටින නිසා දිනපතා ඔහු සිය ආරක්ෂයන් සමග සමාජ ශාලාවලට ගොස් අධික ලෙස මත්පැන් පානය කරන බව මේ බව ඇසින් දුටුවන් සඳහන් කරනවා.

ඊයේ රාත්‍රී 12.30ට පමණ වෙනත් සමාජ ශාලාවක සිට බීමතින් “ක්ලික් සමාජ ශාලාවට” හිටපු ජනාධිපති ආරක්ෂයන් සමගින් කඩා වැද තිබෙන යෝෂිත රාජපක්ෂ එතැනදී ඇති වූ බහින් බස් වීමක් සමගින් ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. ඉන්පසු සිය පරිවාර රථයක තිබූ පොල්ලක් ගෙන බීමතින්ම වැනි වැනී අදාල සමාජ ශාලාවේ වීදුරු වලට ගැසීමට පටන් ගෙන තිබෙනවා.

ඉන්පසු මෙය කණවැකීමෙන් ඔහුගේ වැඩිමල් සොහොයුරා වන නාමල් රාජපක්ෂද එතැනට පැමිණ ඇති අතර ඉන්පසු යෝෂිත රාජපක්ෂව එතැනින් ගෙන ගොස් තිබෙනවා.14492320_1218643594863289_1756557728605843521_n 14519678_1218643578196624_2385884278161016163_n 14570549_1252338564817895_4197736768724199541_o 14591790_1218643614863287_8904105582670600009_n 14632935_1218643641529951_2165266893892818080_n 14633317_1252338661484552_4465822795796404220_o

 

LEAVE A REPLY