මෙරට ප්‍රධාන ධාරාවේ රුපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවක් පවත්වාගෙන යන දෙරණ නාලිකාව සිදුකරන ජඩ මාධ්‍ය ක්‍රියාදාමයක් පිළිබඳව අප මෙසේ හෙළිකරන්නට සිතුවේ වැදගත් මාධ්‍ය මෙහෙවරක් සිදු කරන බවට ලොවට පෙන්වමින් සිදු කරනා සමාජ විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කරවීමේ අදහසිනි.

වර්තමානයේ සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍ය වලට ඇති නිදහස වල්බුරු නිදහසක් කරගෙන විවිධ වෙබ් හා ෆේස්බුක් අඩවි විවිධ සමාජ විරෝධී දේවල් සමාජ ගත කරමින් සිටි ඒ අතර ලිංගිකත්වය හා අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ, චායාරුප, හා විවිධ පුවත් ප්‍රධාන වේ. මේවා හුදෙක්ම එම වෙබ් හා සමාජජාල පිටුවල Reach නැතහොත් ග්‍රාහකයන් දක්වන ප්‍රතිචාර වැඩි කරගැනීමට හෝ ලයික් වැඩි කරගැනීමට සිදු කරනා දේවල්ය.

ජාතියක් ජන්මයක් නැති තම අනන්‍යතාවය සඟවන වෙබ් හා ෆේස්බුක් මෙසේ සිදු කලත් දෙරණ මාධ්‍ය ජාලය විසින් පවත්වාගෙන යන වෙබ්ගොසිප් වෙබ් අඩවියෙන් මේ වනවිට ලිංගිකත්වය මුලිකකොටගත් අසභ්‍ය පුවත් පලකිරීම කොතරම් පහත් වැඩක්ද යන්න අප ප්‍රශ්න කරමු. http://sinhala.adaderana.lk/webgossip/ වෙබ් ලිපිනයෙන් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය දෙරණ පුවත් වෙබ් අඩවිය යටතේ පවත්වාගෙන යන බව හොඳින්ම පැහැදිලි කරුණකි.

එම වෙබ් අඩවියේ අද දින Featured Images දක්වා ඇත්තේ පහත පරිදිය.

 

මෙහි ඇති සියලුම ප්‍රවෘත්ති කිසිදු වැදගත්කමකින් තොර ජනතාවගේ හැගීම් අවුස්සන ප්‍රවෘත්තින්ය මේවා පල කිරීම මගින් දෙරණ නාලිකාව හා මාධ්‍ය ජාලය බලාපොරොත්තු වන්නේ කුමක්ද???

මෙවන් හැදියාවක් නොමැති වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් ඔවුන් රටට දෙන ආදර්ශය කුමක්ද? කොහෙවත් යන ගැහැණියකගේ නිරුවතක් හෝ කාගේ හෝ කුණු කන්දලයක් කිසිදු හිරිකිතයකින් හෝ වගකීමකින් තොරව සමාජගත කරවීමෙන් රටේ අනාගතය විනාශ කිරීමට සියලුදෙනාම එක්විය යුතු කාලය එළඹ ඇත. සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය ලෙස අපි අපේ වගකීම ඉටු කිරීමට කැපවෙමු.

  • පහතින් දක්වා ඇත්තේ අදදෙරණ වෙබ් ගොසිප් අඩවිය දිගින් දිගටම පළකරන ලද ලිංගිකත්වය උළුප්පන පුවත් කිහිපයකි…