රට බෙදමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට තිබෙන නිසි තැන අහිමි කරනවා යැයි පවසමින් රට බේරාගත් බව කියන මහා දේශපාලනඥයන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ අරමුණින් විවිධ තැන්වල පහත් අන්දමේ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන් සමාජය තුළ ශක්තිමත් වෙමින් ජීවත් වන විට දේශපාලන කුමන්ත්‍රණකරුවන් සහ අවස්ථාවාදී බල ලෝභීන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන නමුත් නැවත බලයට ඒමේ අසාර්ථක ප්‍රයත්නයේ යෙදී සිටින ඊනියා දේශප්‍රේමී න්ගේ සිහින සැබෑ වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයාගේ සම්පූර්න කතාව පහතින්,

“වාරිමාර්ග ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන්, අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන්නා වූ විශේෂ ව්‍යාපෘතියක් තමයි මේ ආදරණීය ගොවි ජනතාවත් සමග අපි විවෘත කරනු ලැබුවේ. වාරිමාර්ග කළමනාකරණය පිළිබඳව ජාත්‍යන්තර පුහුණු ආයතනය, සඳහා රුපියල් කෝටි 17 ක ට ආසන්න මුදලක් වැය කරලා තිබෙනවා. මීට අවුරුදු 23 කට ඉස්සරත් මම මේ ස්ථානයට ඇවිත් තිබෙනවා. ඒවගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවක්, ඇළක්, අමුණක් වෙතොත් මම නොගිය තැනක් නැහැ අපේ හාමුදුරුවනේ. ඒ මීට අවුරුදු 22 කට 23 කට කලින්. එවකට මම වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිවරයා. මෙතන ඉන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බොහෝම ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත්මයෙක් වන ජිනදාස මහත්මයාට මතක ඇති වයඹ වාරි පුනරුත්ථාපන ලෝක බැංකු විශේෂ ව්‍යාපෘතියක් තිබුණා. ඒ වයඹ ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණේ. ඒ ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇති කිරීම සඳහා වයඹ පළාතේ කුරුණෑගල, පුත්තලම ප්‍රදේශවල මම වැවක් ඇළක්, අමුණක් ගානේ ඒ කාලේ ගිය කෙනෙක්. මේ ස්ථානයට ආවෙත් මම ඒ කාලේ. ඒ නිසා කුරුණෑගල නැත්නම් වයඹ පළාත වගේම ගල්ගමුව මේ ස්ථානය මට අලූත් ආධුනික ස්ථානයක් නොවෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉතිහාසය ගත් විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ රටේ පිහිට වූයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ 1900 පමණ. දැන් අවුරුදු 117 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ගෙවී ගොස් තිබෙනවා. මේ රටේ ගෙවී ගිය වසර 100 කට වැඩි කාලයක් තුළ කෘෂි ආර්ථිකය, ගොවි ආර්ථිකය, ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා ඒ මූලික අඩිතාලම වැටුණේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කියන එක විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනෑ. එහි ගෞරවය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එදා මෙදා සේවය කළ සියලූ ඉංජිනේරුවරුන් ඇතුලු අවසාන කම්කරුවා දක්වා හිමි වෙනවා.

ඔබ කවුරුත් දන්නවා මම හැදුණේ වැඩුණේ මගේ ජීවිතය ගොඩනැගුනේ ඇළ, අමුණ, වැව, නියර සහ කමතත් එක්කයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මගේ ජීවිතයට ඉතාම සමීප දෙපාර්තමේන්තුවක්. ඒ ගැන මගේ තිබුණු ඇල්ම ආශාව සහ ආදරය එක්ක පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ ක්ෂේත්‍රයේ සෑම කෙනෙක් එක්කම ඉතාම සමීප දීර්ඝ සම්බන්ධයක් මට තිබුණා. ඒ නිසා ඒ ගෙවී ගිය වසර 117 ක කාලය වගේම ඉදිරි කාලසීමාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට වගේම මේ රටේ වාරි කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන්ට විශේෂඥයින්ට, විද්‍යාඥයින්ට අභියෝග රාශියක් තියෙනවා. මීට වසර 100 කට එහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරම්භ කරපු කාලේ මේ රටේ තිබුණු කාලගුණික සහ දේශගුණික තත්ත්වය කුමක්ද..? එදා තිබුණු සමාජ, ආර්ථික තත්ත්වය කුමක්ද? ඒ සියල්ල අද විශාල වශයෙන් වෙනස් වෙලා තිබෙනවා. ගෝලීය උෂ්ණත්වයත් සමග වායුගෝලයේ ඇති වෙන වෙනස්කම් එක්ක අද මුලු ලෝකයම මේ ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙනවා. මේ ඉන්න ගල්ගමුව ප්‍රදේශයේ ආදරණීය ගොවි ජනතාව අද දවසේ සැපවත් ජීවිතයක් ගත කරන අය නොවෙයි. ඔබේ ජීවිතවල තිබෙන දුක්මුසුභාවය, ඔබේ ජීවිතවල තිබෙන කටුකභාවය, කන්න 03 කට වැඩි කාලයක් ජලය නොමැතිකම, අද දවස ගත්තොත් බීමට ජලය නොමැතිකම මේ නිසා ඇති වෙලා තිබෙන බරපතළ ආර්ථික අමාරුකම්, ඒ තුළ විශේෂයෙන්ම දරු පවුල් සමග ජීවන සටන ගෙන යන්නට ඔබ ගන්නා උත්සාහය, ඔබේ ධෛර්යය සහ කැපවීම පිළිබඳව අත්දැකීම තිබෙන කෙනෙක් විදියටයි අද ඔබත් සමග මම එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ තිබෙන ප්‍රශ්නවලට අප විසින් විසඳුම් සෙවිය යුතු වෙනවා. ඒ විසඳුම් සෙවීමේදී ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබා ගැනීමේ ප්‍රශ්නයේදි වයඹ පළාතේ තත්ත්වය මම දන්නවා. ගෙවී ගිය දශක පහක හයක කාලය තුළ සෑම මැතිවරණ වේදිකාවකම සෑම දේශපාලන පක්ෂයක්ම වයඹට ජලය ලබාදීම පිළිබඳව කතා කළා.
අපේ ඉතිහාසයේ අනුරාධපුර යුගයෙන් පටන් ගත්තොත් පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ ඉඳලා ගොඩනැගුණු විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයක ගෞරවය ඇසුරේයි ජාතියක් හැටියට අපි ගොඩනැගුණේ. අනුරාධපුර යුගය බිඳවැටුණේ 1017. අනුරාධපුර යුගය 1017 බිඳ වැටිලා අවුරුදු 1000 ක් ගෙවුණට පස්සේ 2017 අපිට පුලුවන්කම ලැබුණා මොරගහකන්ද ජලාශය විවෘත කරලා වීර වික්‍රමයක් කරලා මේ රටේ අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල මේ ප්‍රදේශවල ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳීම සඳහා ස්ථිරසාර විසඳුමක් ඇති කරන්න අපිට පුලුවන්කම ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා.

පසුගිය දින වල වයඹ ඇළ ව්‍යාපෘතියේ ඒ කටයුතු ආරම්භ කිරීම සඳහා කරන ලද ගලේවල ප්‍රදේශයේ වැවමැඩිල්ල වැව අසල තිබුණු උත්සවයට ඔබ විශාල පිරිසක් සහභාගි වුණා. මේ වනවිට මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු අවසන් වෙලා තිබෙනවා. කලු ගඟ ජලාශයේ දැනට කටයුතු කරගෙන යනවා. කලු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශයට ජලය ගෙන ඒම සඳහා කිලෝමීටර් 07 කට වැඩි උමගක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්නට තිබෙනවා. ඒ සඳහා මේවනවිට විදේශීය ආධාර මුදල් ලැබිලා තිබෙනවා. වයඹ ඇළ ව්‍යාපෘතිය යටතේ මූලික වශයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය වැව් 300 ක් ප්‍රරතිසංස්කරණය වෙනවා. අමුණු ඒ සියල්ලත් එක්ක අපිට මොරගහකන්ද ජලාශයේ ප්‍රතිඵලයක් විදියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරි සහ කෘෂි ක්ෂේත්‍රයේ ගොවි ජන ජීවිතයේ පරිවර්තනයක් කරන්න අපිට පුලුවන්කම තිබෙනවා. ඒ නිසා අපි අභියෝගවලට මුහුණ දිය යුතු වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා අපේ නිලධාරීන්ගේ තිබෙන කැපවීම ඉතාමත් අගය කරනවා. මේ සියලූ කටයුතුවලදි ඉංජිනේරු මහත්වරුන් ඒවගේම අනිකුත් තාක්ෂණික නිලධාරීන්, අනිකුත් ආයතන විශාල කැපීවීමකින් කටයුතු කරනවා. ගොවි නායකයින් විදියට ඔබ සෑම කෙනෙක්ම මෙහිදී බොහෝ අභියෝග සහ ප‍්‍රශ්නවලට මුහුණ දීලා තිබෙනවා. මෙහි තිබෙන නියං තත්ත්වය සැලකිල්ලට ගත්විට කළින් කතා කරපු අපේ මැති ඇමතිතුමාලා සඳහන් කළා වගේ අපි මේ ගොවි ජනතාවගේ සුබසාධනය සඳහා ව්‍යාපෘති රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ඒවගේම ඒ ව්‍යාපෘතිවල ප්‍රතිඵලත් සමග ඉදිරියේදී තවතවත් ඔබව ධෛර්යමත් කරන්නට උනන්දු කරවන්නට ඔබේ ජීවන සටනට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න අපි සැමවිටම කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ.

මේ රටේ ආර්ථිකය ගොඩගන්න නම් තිබෙන එකම විසඳුම කෘෂි කර්මාන්තය නගාසිටුවීම බවයි මගේ අදහස. බොහෝ වෙලාවට අපි ආයෝජනය ගැන කතා කරනවා. දැන් ලෝකයේ තිබෙන නව ආර්ථික ක්‍රමත් එක්ක, ආයෝජන වල වැදගත්කම ඉස්මතු කෙරෙනවා. නමුත් අපි වැනි රටක අනාගතයේ සම්පූර්ණයෙන්ම විසඳුම තිබෙන්නේ කෘෂි ආර්ථිකය, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරිම තුළයි. ඒ නිසා මොරගහකන්ද ජලාශය යටතේ වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර මේවනවිට කර ගෙන යාම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මේ වනවිට ව්‍යාපෘති කිහිපයක ටෙන්ඩර් කැඳවීම් කරලා තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව තමයි වයඹ ඇළ ව්‍යාපෘතියට මුදල් දෙන්නේ. වේලි ආරක්ෂණ ව්‍යාපෘතියත් අපි ලෝක බැංකුවෙන් ලබා ගත්තේ මම මහවැලි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලේ. මහවැලි අධිකාරියත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ ආයතන තමයි වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය ගණනාවක් ක්‍රියාත්මක කළේ. ඒ නිසා අද දවසේ අප විසින් කරන කියන කටයුතුවල මේ ජනතාවගේ තිබෙන දුක්ගැනවිලිත් එක්ක ඔවුන්ට තිබෙන ජීවන සටනත් එක්ක ඔවුන්ට ඇතිවන ආර්ථික අමාරුකම් එක්ක අපි සැමවිටම රජයක් විදියට ඔබ වෙනුවෙන් දිය හැකි පහසුකම් ලබාදෙමින් අපේ වගකීම් සහ යුතුකම් ඔබ වෙනුවෙන් ඉටු කරන බව ප්‍රකාශ කරන්නට ඕනෑ. රජයක් විදියට මෙවැනි විශාල ව්‍යාපෘති කරන විට ඒ ව්‍යාපෘතිවල තිබිය යුතු තාක්ෂණික වැදගත්කම, ඒවගේම ව්‍යාපෘති කිරීමේදී තිබිය යුතු පිරිසිදුභාවය, ජනතාවගේ සල්ලි, පොදු දේපල, වත්කම් මේවා පිළිබඳව අපි සෑම කෙනෙක්ම දැඩි උවමනාවකින් සහ ඕනෑකමකින් කටයුතු කරන්නට ඕනෑ.

අද ඔබ දකිනවා උමා ඔය පිළිබඳව ප්‍රශ්න. බණ්ඩාරවෙල ප්‍රදේශයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කරපු උද්ඝෝෂණ ඔබ දැක්කා. උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාසය පිළිබඳව මම දන්නවා. උමා ඔය ව්‍යාපෘතිය ඉතාමත්ම අන්ත දූෂිත තත්ත්වයකින් තමයි ආරම්භ කළේ. උමා ඔය ආරම්භ කිරීමේදී මූලික වශයෙන්ම පාරිසරික අධ්‍යයනයක් කළේ නැහැ. ශක්‍යතා අධ්‍යනය පිළිබඳව කරුණු ඉටු කෙරුවේ නැහැ. ඒ කරුණු සැලකිල්ට ගන්නේ නැතිව දේශපාලන තීන්දුත් එක්ක තමයි කළේ. උමා ඔය ව්‍යාපෘතිය කිරීමේදී සුදුදු ආකාරයේ නියමිත සමාගමක් ඒ සඳහා තෝරා නොගැනීම අද ඇති වෙලා තිබෙන ප්‍රශ්නවලට මූලික කාරණයක් කියන එක මම කියන්නට ඕනෑ. උමා ඔය ව්‍යාපෘතිය කරන්නට ශක්‍යතා අධ්‍යයනයක් හරියට නැතිව, පරිසර අධ්‍යයනයක් නැතිව ඉරානය සමග මේ ගිවිසුම අත්සන් කරන්න එදා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට කී විට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා හිටියේ මේ රටට ඉතාම ආදරය කරන, මම ඉතාම ගරු කරන මේ රටේ ඉතාම විශිෂ්ට ඉංජිනේරුවරයෙක්. එතුමා තමයි ඒ. ඞී. එස්. ගුණවර්ධන මහත්මයා. ඒ. ඞී. එස් ගුණවර්ධන මහත්මයා දීර්ඝ කාලයක ඉඳලා මගේ ඉතාම හොඳ මිත‍්‍රයෙක්. මේ උමා ඔය ගිවිසුම අත්සන් කරන්න බැහැ කියලා ඒ. ඞී. එස් ගුණවර්ධන මහත්මයා අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙලා ගියා. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා හිටියේ සීසීබී ආයතනයේ හිටපු සභාපති වරයා ජයසේකර මහත්මයා මේ රටේ ඉතාමත්ම විශිෂ්ට කීර්තිමත් ඉංජිනේරුවරයෙක්. තාක්ෂණික ඇගයිම් කමිටුවේ සභාපතිවරයා ජයසේකර මහත්මයා ඉල්ලා අස් වුණා අපිට මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැ කියලා. නමුත් අවසානයේ හිටපු අය කියන දේ කරන ඕනෑම එකකට “යර්ස්” කියන කෙනෙක් දාගෙන මේ ගිවිසුම අත්සන් කෙරුවා. අත්සන් කරලා සල්ලා ගත්තා. මේ උමා ඔය ව්‍යාපෘතියේ නියමිත ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන තුන්සිය හතළිස් ගණනක්. ඇමරිකන් ඩොලර් මිලියන 150 ක් අතිරේකව මේකට එකතු කෙරුවා. ඇමරිකන් ඩොලර් පන්සිය ගණනකට ඇස්තමේන්තුව හැදුවා. අතිරේකව එකතු කරපු ගාණ ඒ කාලේ මේ ගනුදෙනු කරපු අය අත යට ගහගත්තා. මේක තමයි ඇත්ත කතාව.

මේ පිළිබඳව අද ඇති වෙලා තිබෙන තත්ත්වයෙදි අපි ජර්මන් විශේෂඥයෙක් පසුගිය දවස්වල යැව්වා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට ඇති වෙලා තිබෙන කරදර පිළිබඳව මේ ව්‍යාපෘතියත් එක්ක ඇති වෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳව විමර්ශන වාර්තාවක් ගන්න. ජර්මන් විශේෂඥවරයා මීට දවස් 03 කට කලින් මට වාර්තාව එවලා තිබෙනවා. එහි මූලික වශයෙන්ම කියලා තියෙනවා. කරුණු ගණනාවක්. නියමිත සුදුසු සමාගමක් තෝරා නොගැනීම. ඒවගේම මේ කටයුතු කරන සමාගම උමගක් කැපීමට සුදුසු නියමිත ප්‍රරමිතියෙන් යුත් තාක්ෂණික උපකරණ, යන්ත්‍ර පාවිච්චි නොකිරීම, ඒවා ගෙන්වා නොගැනීම ඒ තුළ තමයි මේ උමගේ මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ කියන එක ජර්මන් විශේෂඥවරයා බොහෝම පැහැදිලිව කියනවා. තව කරුණු ගණනාවක් ඒ තුළ තිබෙනවා. මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණාම ලෝකයේ ඉතාමත්ම හොඳම විශේෂඥයින් ඉන්න රටක් තමයි නොර්වේ. මේ උමා ඔය පිළිබඳවම වහාම අපිට වාර්තාවක් ගන්න ඕනෑ. තිබෙන ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යය යි. විශේෂඥයින් එවන්න කියලා. මම නෝර්වේ රටට ආරාධනා කළා. නොර්වේ රජය මට දන්වා තිබෙනවා අගොස්තු මාසයේ පළවනදා විශේෂඥයින් කණ්ඩායමක් පැමිණෙනෙවා කියා. ඔවුන් මේ තිබෙන තත්ත්වයට විසදුම් ලබාදී ඒ පිළිබදව සම්පූර්ණ වාර්තාවක් ලබාදේවි. මෙහිදී එක් මහත්මයෙක් වාරීමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදුකරන කටයුතු පිළිබදව ඉදිරිපත් කිරීමක් කළා. මෙහි ප්‍රදර්ශනය කළා ගිං නිල්වලා ග`ග ව්‍යාපෘතිය පිළිබදව. එහි තිබුණු සියලූ ව්‍යාපෘති පිළිබදව මටත් අවබෝධයක් තිබෙනවා. ගිං නිල්වලා ව්‍යාපෘතියේ අද ඇතිවී තිබෙන තත්ත්වය කුමක්ද?

2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැවැති මැතිවරණයෙන් මාව ජනාධිපතිවරයා විදියට මේ රටේ ජනතාව තෝරාගත්තා. 2015 ජනවාරි 07 වැනිදා මේ රටේ කිසිම රජයේ ආයතනයක් වැඩකළ දවසක් නොවේ. රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු සදහා සෑම ස්ථානයකටම යනවා. 2015 ජනවාරි මාසයේ 07 වැනිදා කෝටි ගානක චෙක්පතක් ලියා නිකුත් කර තිබෙනවා ගිං නිල්වලා ව්‍යාපෘතිය සදහා. ඒ මුදල් වලට කුමක් ද වුණේ කියා පසුගිය දවස්වල ප්‍රශ්නයක්වී තිබුණා. මම මේ ගැන කියපුවාම අභියෝග කළා, වංචාවක් වෙලා තිබෙනවානම් හොයලා දෙන්න කියා. දැන් අපි එය සොයාගෙන තිබෙනවා. තව දවස් කිහිපයක් යනවිට ගිං නිල්වලා ව්‍යාපෘතිය සදහා ඒ කාලයේ භාණ්ඩාගාරයෙන් නිකුත් කළ මුදල් කොහේද තියෙන්නේ..? කවුද ගත්තේ? කියන එක හෙළිවෙනවා කියා පැහැදිලිවම මම තමුන්නාන්සේලාට කියන්නට ඕන.

මේ රටේ සංවර්ධනය, දේශපාලනය, ආර්ථිකය යන කරුණු ගැන රජයට විශාල විවේචන එල්ල කරනවා. සමහර අය මේ රජයට කියනවා වැඩ කරන්න බැරි ආණ්ඩුවක් කියා. තවත් සමහරු කියනවා, මේක අසාර්ථක රජයක් කියා. නමුත් අපේ හාමුදුරුවනේ, අපි රටක් විදියට ගොඩනැගෙන්න ජාත්‍යන්තර වශයෙන් තිබුණු බාධාවන් සියල්ල ඉවත් කරගත්තා. මේ රටේ මිනිසුන්ට නිදහසේ සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගුවා. මේ රටට අවශ්‍ය වෙනස්කම් රාශියක් කළා. සංවර්ධනය පිළිබදව සුරංගනා කතා කියන මිනිස්සු මේ රටේ සංවර්ධනයේ මහා පරිවර්තණයක් කළා කියන අය, කරලා තියෙන දූෂණ, වංචා, හොරකම්, නාස්තිය පිළිබදව ඉදිරියේදී අපි හෙළි කරනවා. මේ පිළිබ`දව මම දීර්ඝ ලෙස කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උමා ඔය , ගිං නිල්වලා ග`ග වැනි ව්‍යාපෘති පිළිබ`දව අපිට කතා කරන්න පු`එවන් හෙළි කරන්න පුලුවන්. මේ කරුණු පිළිබ`දව කතා කරන විට ස`දහන් කරන්නට ඕන, සමහර වීරයෝ වගේ කතා කරන අය අද ආණ්ඩුව විවේචනය කරාට ඔවුන්ට මම බොහෝම පැහැදිලිව කියනවා ආණ්ඩුව පෙරළන්න ආවාට මේ ආණ්ඩුව එහෙම ලේසියෙන් පෙරළන්න පු`එවන් ආණ්ඩුවක් නෙවේ. ආණ්ඩුවක් කරගෙන යන විට ප්‍රරශ්න මතුවෙනවා.

අද ලෝකයේ සෑම තැනක තිබෙන තත්ත්වයන් අපිටත් බලපා තිබෙනවා. මේ නියඟය අපේ රටට විතරක්ද. තමුන්නාන්සේලාගේ උගත් දරුවන් ළ`ග ජංගම දුරකථන තිබෙනවා. එයින් දරුවෝ ලෝකය දකිනවා. අද දකුණු ඉන්දියාවේ කෝටි ගානකට බොන්න වතුර නැහැ. සෑම රටකම එක පැත්තක ගං වතුර. අනෙක් පැත්තේ නිය`ගය. ඔබ දැක්කා පසුගිය කාලයේ ලන්ඩන් නගරයේ මහා විශාග ගොඩනැගිල්ලක් ගිනි ගත්තා. සිය ගානක් මිය ගියා. ඊට දවස් කිහිපයකට පසුව ඊට එහා රටක ලැව් ගින්නක් ඇති වුණා. චීනයේ භූමි කම්පාවක් ඇති වුණා. පකිස්ථානයේ තෙල් ගෙනයන බවුසරයක් පෙරලූනා. තෙල් ගැනීමට වටේ සිටින පිරිස එක්වුණා. එහිදී බවුසරය පුපුරා ගියා. ජපන් මුහුදේ ජපන් ඇමරිකන් අධි තාක්ෂණයෙන් යුක්ත නැව් දෙකක් මීට සති තුනකට පෙර ගැටුණා. කෝටි සිටගනණක වත්කම් වගේම ජීවිත සිය ගනණක් විනාශ වුණා. මෙයයි ලෝකයේ තත්ත්වය. මේ නිය`ගය අපිට පමණක් නොවේ. ගං වතුර අපිට විතරක් නොවේ. ඒවාටත් සමහර අය දේශපාලන විග්‍රහයන් කරනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයට පැමිණ මම මේ කාරාණාව කියන්නේ, සමහර අය වෙස් මුහුණු බැඳගෙන සුන්දර ලෝකයක් පෙන්වා නැවත බලයට එනවා කියනවා. ඒකාධිපති පාලනය මේ රටේ ගෙනයන්න. මම මේ රටේ ඒකාධිපති ගමනයි වැලැක්වුවේ. සමහර අයට මේක දැනෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් සිතන්නේ බඩට, සිතට සහ සාක්කුවට දැනෙන දේ පමණයි. නමුත් මිනිසුන්ට නිදහසේ ජීවත්වීමේ සමාජයක් මිනිසුන්ට නිදහසේ සතුටින් ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක් ගොඩනැගිමේ කාර්යයටයි අපි උරදී තිබෙන්නේ. අද සමහර අය උත්සාහ කරන්නේ නැවත මේ රටේ ඒකාධිපති ගමනක් යන්න මිලිටරි ආණ්ඩුවක් සදහා සූදානම් වෙනවා. අපි එයට ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ ජනතාවගේ නිදහස සියල්ල ආරක්ෂා කරගෙන ගමන් කරන ක්‍රමයක් තිබිය යුතුයි. අපිට විවේචන, චෝදනා, අප්‍රසාදය, විවේචන එයි. නමුත් ඒ සියලූ දේවල් වලට මුහුණ දීමට අපි ශක්තිය සහ හැකියාව තිබෙනවා.

මෙහි මාධ්‍ය ආයතනවල මිත්‍රයන් සිටිනවා. පසුගිය ආණුඩ කාලයේ කොහොමද මාධ්‍ය ආයතන ගිනි ගත්තේ. මේ රටේ ප්‍රරදාන මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍යවේදීන්ව මැරුවා. මාධ්‍යවේදීන් කොපමණක් රට දා ගියාද? ඔවුන්ට හිරිහැර සිදුවුණා. එයයි තිබුණු තත්ත්වය. අද කොළඹ නගරය ගත්විට සතියටකට පෙළපාලි, විරෝධතා, උද්ඝෝෂණ කොපමණ තියෙනවාද? ඒ කාලයේ සුදු වෑන් සංස්කෘතියත් සමග ඒවාට නායකත්වය දුන්නානම් ඒවාට නායකත්වය දෙන අය හොයාගන්නත් නැහැ. එයයි තිබුණු සමාජ ක්‍රමය. මේවා වෙනස් කළා. ඒ වෙනස් කිරීමෙන් දුන්න නිදහස් සමගයි රජයේ නිලධාරීන් සහ ශිෂ්‍යයන් පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ පෙළපාලි යන්නේ. කුමනාකාරයේ විවේචන ආවාත් මම සතුටු වෙනවා උදාවූ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ගැන.
රටක් විදියට අපිට අභියෝග රාශියක් තිබෙනවා. අද තිබෙන්නේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි. රටක් විදියට අපි සියලූ දෙනා එකතු වෙලා අපේ රට ඉදිරියට ගෙනයන්න සංවර්ධනය කිරීමට මේ රට ආර්ථික වශයෙන් නගාසිටවන්න දුප්පත්කමින් ගොඩගන්නයි කටයුතු කළ යුත්තේ. අපිද ලෝකයේ කෝටි දහස් ගානකට මේ රට ණය කෙරුවේ. ඒ ණය බරත් සමග රටට ප්‍රශ්න රාශියක් තිබෙනවා. අවුරුදු දෙකක් බලයේ සිටීමට හැකියාව තිබියදීත් ඡුන්දයක් තබා එයින් පැරදී එහි තිබුණු අභියෝග අපේ අතට ආ විට අපිට කියනවා අපි තමයි මේ ප්‍රශ්න හැදුවේ කියා.
අද කැළිකසළ පිළිබදව කතා කරනවා. පසුගිය අවුරුදු තිහක් හතලිහක් ගත්විට මේ රටේ කිසිදු ආණ්ඩුවක් කමේ කැළිකසල ප්‍රශ්නයට විද්‍යාත්මක විසදුමක් දී තිබුණේ නැහැ. අපේ රටේ කුණු කඳුදෙසිය ගානක් තිබෙනවා. කරන්නේ නගරයේ සහ ගමේ තිබෙන කුණු එකතු කරලා කුණු කන්දක් හදන එකයි. නමුත් ලෝකයේ අද තිබෙන තාක්ෂණයත් සමග මේ විදියට කුණු කඳු ගොඩගහන්නේ නැහැ. කොළොන්නාව කුණු කන්ද එවැනි තත්ත්වයට පත්වුණේ ඇයි. තිබෙන වගකීම් නිසියාකාරව ඉටු නොකිරීම නිසා ඇති වී තිබෙන ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. මේ ප්‍රශ්නයේදී අපි මේ වන විට ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡුා කරලා ටෙන්ඩර් කැදවීම් සිදුකොට ඒ සදහා ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කොට තිබෙනවා. කිසිදු ආණ්ඩුවකින් විසදපු නැති මේ කැළි කසල ප්‍රශ්නය අහස උසට ගොඩගසන කුණු ක`දු ඉවත් කොට කැළි කසල කළමනාකරණය පිළිබදව විද්‍යාත්මක තාක්ෂණික විසදුම් දී ඒ ප්‍රශ්නත් අපි අවසන් කරනවා කියලා ස`දහන් කරන්නට ඕන. සෑම කෙනෙක්ම මෙම ප්‍රශ්න නිරාකරණය කරගැනීමට එකතු විය යුතුයි. ජනතාව නොමග යවා, මෙම කටයුතු කඩාකප්පල් කරලා අමූලික බොරු කියන එකයි සිදුකළ යුත්තේ.

අපි මේ සියලූ සමාජ ප්‍රශ්න පිළිබදව අවබෝධයකින් කටයුතු කරනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1956 දී බලයට පත්වී අවුරුදු තුනහමාරක් යනවිට වෙඩි තබා මරලා දැම්මා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාගේ ඇමති මණ්ඩලයත් අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලය වර්ජනය කෙරුවා. බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේ වැඩවර්න හාරසිය ගානක් තිබුණා. බණ්ඩාරනායක අගමැතිතුමා තරම් රාජ්‍ය නායකයෙක් විදියට ප්‍රශ්න වලට මුහුණ දුන් කෙනෙක් මේ රටේ මෑත ඉතිහාසයේ 48 න් පසුව නැහැ. එතුමාට නොයෙක් ආකාරයේ කරදර, හිංසා කළා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා අවසානයේ වෙඩිල්ලක් තබා ඉවර කළා. නමුත් බණ්ඩාරනායක නාමයට අදටත් සලකන්නේ ඒ අවුරුදු තුනහමාර තුළ රටේ ජනතාවට දැනෙන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා වගේම මේ රටේ දේශීයත්වය, සංස්කෘතිය, අපේකම් සියල්ල ශක්තිමත් කිරීමේ අඩිතාලමක් එතුමා නිර්මාණය කර නිසයි.

අපි කුමන්ත්‍රණ වලට බය නැහැ. ආඥාදායකයෝ වෙන්න ඒකාධිපතයෝ වෙන්න නැවත බලය දෙන්නේ නැහැ කියා ඔවුන් අද කරන කතාවල් වලට අපි හොදින් සවන් දීගෙන සිටිනවා. නුවර සිට කොළඹට පා ගමනක් ගිහිල්ලා ලිප්ටන් වටරවුමේ සිට කතාවක් කළා, අපි නුවර ඉදන් කොළඹට පා ගමනක් ආවා ඉදිරියේදී අපි ආණ්ඩුවක් ගන්නවා. අරගෙන ආපසු දෙන්නේ නැහැ කිව්වා. ඒ කතා වලින් පැහැදිලි වෙනවා යන්න හදන්නේ කොහේද කියා. මේ රටේ ජනතාව මෝඩ මිනිස්සු නෙවේ. මේ රටේ උගත්, බුද්ධිමත් පොදු ජනතාවක් සිටින්නේ. ඔවුන් සෑම දෙයක් දෙසම ඉතා විමසිලි ලෙස බලා සිටිනවා. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ ප්‍රරශ්න රටක් විදියට සාමකාමීව ජීවත් වන එක. රටේ ජාතික සංහි`දියාව අවුල් කරනවා. කුමන්ත්‍රණ කරනවා. මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා. බෞද්ධාගමික පන්සල් වෙහෙර විහාරස්ථාන වලට හිරිහැර කරනවා. මේ විදියට කුමන්ත්‍රණය කරන්නේ එකම පැත්තකින්. එක් පැත්තකින් මුස්ලිම් ජනතාව නොසන්සුන් කරනවා. තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේලාව නොසන්සුන් කරනවා. අභියෝග කොතෙක් ආවත් විවේචන, නින්දා, අපහාස ඒ සියල්ල අපිට හො`දට පුරුදු නිසා ඒ සියල්ල ජයගෙන ජාතියක් විදියට ඉදිරියට යාමට රජයේ වගකීම සහ යුතුකම ඉටුකරනවා. ඔබ සියලූ දෙනාගේ කැපවීම අපි අගය කරනවා. රටක් විදියට දේශපාලන නායකත්වයන් සමග ඉදිරියට යමු කියන ආරාධනය කරමින් අද රුපියල් කෝටි දාහතකට ආසන්න මුදලක් වැය නොට මේ විවෘත කළ ජාත්‍යන්තර වාරී කළමනාකරණ පුහුණු මධ්‍යස්ථාය තුළින් අපේ රටට මෙන්ම කලාපය වශයෙන් දක්ෂ ඉංජිනේරුවරුන්, තාක්ෂණික ශිල්පීන් බිහිවේවා කියා සුබ පතමින් ආශිර්වාද කරමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි!