මිට දින දෙකකට පෙර සෞක්‍ය අමාත්‍යංශයට කඩා වැදී එයට හානි කල සරසවි සිසුන් යැයි කියාගන්නා බංකොලොත් දේශපාලන පක්ෂයක රුකඩ නැට්ටුවන් කණ්ඩායමක් එම ගොඩනැගිලි වලින් ඉවත් කිරීම සඳහා රජය නීතිය ක්‍රියාත්මක කිරීම වැරදි යයි කියමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෙවත් GMOA අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීම නවතා දමා වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
වෛද්‍යවරුන් යන නාමයටත් නිගා කරන මෙම කණ්ඩායම එදා සිදුවීමෙන් තුවාල ලද ආරක්ෂක අංශ නිලධාරීන්ට පවා ප්‍රතිකාර නොකර අසරණ රෝගීන් අන්ත අසරණ කරමින් තම දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් වර්ජනයේ නිරත වුවා. ඔවුන් රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පවා අභියෝගයට ලක් කරමින් මෙසේ නුගත් මෝඩයන් සේ හැසිරීම ඇත්තටම සාධාරණද ? යන්න රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව ප්‍රශ්න කරන්නට වුවා.
මෙම වෛද්‍ය නිලධාරීන් වෛද්‍යවරු යන ගෞරවාන්විත වෘත්තියට පවා නිගා කරමින් බංකොලොත් හා පරාජිත දේශපාලකයන්ගේ පසු පස යමින් මිට පෙරද තමන් වෛද්‍යවරුන් කිරීමට බදු මුදල් ගෙවූ අහිංසක ජනතාව නිකරුනේ මරා දමමින් හෝ තම ඉල්ලීම් ලබා ගැනීමට කටයුතු කල අයුරු සැමට හොඳින් මතකයේ රැඳී තිබෙනවා.
GMOA මරුවන් රැල මෙසේ වර්ජනය කලත් මුල අමතක නොකළ සැබෑම වෛද්‍යවරුන් පිරිසක්ද අපේ රටේ සිටින බව අමතක නොකළ යුතුයි ඔවුන්නම් GMOA ජඩ සංගමයට සම්බන්ධ නැති 4500කට අධික විශේසක්ඥ වෛද්‍යවරුන්ද ඇතුළු වෛද්‍ය කණ්ඩායමයි. ඔවුන් සාමාන්‍ය පරිදි තම සේවය රෝගීන් වෙත ලබා දුන්නා නමුත් GMOA මැර කණ්ඩායම් එම වෛද්‍යවරුන්ටද තර්ජනය කල අවස්ථාද රටේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වනවා.
කෙසේ වෙතත් පාදෙනියගේ ගෝලයන් ප්‍රමුඛ GMOA කල්ලිය නොසිතු විරෝධයක් රට තුල මෙන්ම සමාජ ජාල තුලද එල්ල වනු දැකීම සහ රජය ඔවුන්ව තුට්ටුවකට ගණන් නොගැනීම තුල අන්ත අසරණ බවට පත් වූ අතර ඔවුන්ගේ පුද්ගලික චැනලින් වල රෝගීන්ද වෙනත් වර්ජනය නොකරන වෛද්‍යවරුන් වෙත ගමන් කිරීම නිසා දැඩි ආර්ථික අපහසුතාවකටද ඔවුන් ලක්වුනා.
මේ හේතු කාරනා නිසා එම සංගමයේම සාමාජික වෛද්‍යවරුන්ගෙන් GMOA ලොක්කන් වෙත විරෝධතා එල්ල වූ අතර පාදෙනියගේ දේශපාලන න්‍යායපත්‍රයට විරෝධිව සංගමය දෙකඩවීමට ඇති සුදානමකුත් වාර්තා වුවා.
සයිටම් ජනසතු කරනතුරු වර්ජනය කරනවා යයි කටමැත දෙඩවූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ අසරණ වීම තුල කෙසේ හෝ වර්ජනය නතර කලයුතුය යන තීරණයට පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රියේදී නමුත් එය සිදු කිරීමට ජනාධිපතිවරයා සමග සාකච්චාවක් ඉල්ලීම සඳහා ඔවුන් කිහිප විටක් ජනාධිපති ලේකම් වරයා අමතා ඇති අතර GMOA කරදරය නතර නොකරන බැවින් ජනාධිපතිවරයා ඔවුන්ට සාකච්චාවක් අද දිනයේ ලබා දෙමින් කියා සිට ඇත්තේ සයිටම් පිළිබඳව තම ස්ථාවරය කිසිදු වෙනසක් නැති බවත් අහිංසක ජනතාව අමාරුවේ නොදමා වර්ජනය අවසන් කර වෛද්‍ය වෘත්තියේ ගරුත්වය රැකගන්නාලෙසයි

එහෙත් GMOA කරදරය නතර නොකරන බැවින් අවසානයේ ජනාධිපතිවරයා ඔවුන්ට සාකච්චාවක් අද දිනයේ ලබා දෙමින් කියා සිට ඇත්තේ සයිටම් පිළිබඳව තම ස්ථාවරය කිසිදු වෙනසක් නැති බවයි.
නමුත් අවසානයේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වර්ජනත අත් හල බවට නිවේදනය කල අතර තිරය පිටුපස සිදුවූ මේ සිදුවීම් සියල්ල සමඟ පාදෙණිය හා ඔහුගේ ගෝල නිලධාරීන්ට එම සංගමය තුල දැඩි අප්‍රසාදයක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ…