වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ  කැඳවුම්කරු රයන් ජයලත්  අත්අඩංගුවට ගැනීමට  යාමේ සිද්ධියට සම්බන්ධ වාහනය 2010 වසරේ සිට පොලිස්පතිවරයා වෙත ලබාදී තිබූ වාහනයක් බව වාර්තා වනවා. එය කොළඹ අපරාධ කොට්ඨාශයේ කටයුතු සඳහා ලබාදී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

CRLOTBH 0015679 අංකය යටතේ මෙම වාහනයට  බලපත්‍රයද නිකුත් කර තිබෙනවා.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ  පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්  කාරයෙන් ඇතුළු වී  එහි දේපළ  වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ  පැවැත්වෙන නඩුවකට අදාළව බවයි පොලිසිය සඳහන් කරන්නේ.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට KA 0410 දරණ වෑන් රථයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක‍ෂකවරයා ඇතුළු නිලධාරින් දස දෙනෙකු අදාළ ස්ථානයට ගොස් තිඛෙනවා.

නිල ඇඳුමින් සැරසුනු සිව් දෙනෙකු සහ සිවිල් ඇඳුමින් සිිටි නිලධාරින් හය දෙනෙකු ඒ අතර සිටි බවයි එම ප්‍රකාශකයා පැවසුවේ. සයිටම් විරෝධීන් පිරිසක් ඉකුත්දා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් ලක‍ෂ අටකට අධික පාඩුවක් සිදුවී ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

රයන් ජයලත්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා  විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය  මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ බී 3049/16  අදාල නඩුවට  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්  වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

වාර්තාවක් ඉල්ලා සාගලගෙන් පූජිත්ට නියෝගයක්..!

වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ  කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමට  යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කල ක්‍රමවේදයන්  පිළිබඳව පරීක්ෂණය සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ. රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය එම ස්ථානයට ගියේ  පසුගිය ජුනි මස 21දායි.

පොදු දේපල පනත යටතේ මාලිගාකන්දමහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/16250/17 දරණ අංකය යටතේ නඩුවක් රයන් ජයලත්ට ඇති අතර කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ  බී 3049/16 ට අදාල නඩුවට  වරෙන්තුවක් ද ඇති බව අමාත්‍ය සාගල රත්නායක නිකුත් කළ නිවේදනයක සඳහන්.