නුවන් කුලසේකර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න අහිංසකම ක්‍රීඩකයා කියලා තමයි හැමෝම කියන්නේ. බොහොම නිහතමානි ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර හැමෝම හඳුන්වන්නේ “කුලයා” යන අනුවර්ත නාමයෙන්. අපේ කුලයා ඉපදිලා තියෙන්නේ 1982 ජුලි මාසයේ. බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගන ගෙන ඇති කුලසේකර ලොව හොඳම පන්දුයවන්නන්ගෙන් කෙනෙක් විදියටයි හඳුන්වන්නේ.

 

කුලයාගේ ක්‍රිකට් හැකියාව කොතරම් දැක තිබුනත් කුලයට ඇති නර්තන හැකියාව කවුරුවත් දැකලා නෑ. මේ කුලයා තමන්ගේ හිතවතකුගේ වෙඩින් එකකදී දැමු ලස්සන නැටුමක්.