මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව සහ ඔස්ෙටි්‍ර ලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛත්‍රී පාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා අද (30) පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ද  සුභාශිංසන පිළිගැන්වීය.
 
විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් මහතාගේ මෙන්ම පන්දු යැවීමේ දක්ෂතා දැක්වූ රංගන හේරත් මහතාගේ දක්ෂතා මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ අතර  ඔස්ටේලියාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගයකින් වසර 17 කට පසුව ජයග්‍රහණය කරමින් මාතෘ භූමියට ලබා දුන් ගෞරවය වෙනුවෙන් සිය ස්තූතිය පුද කර සිටියේය.
01 (13)

LEAVE A REPLY