ශිරන්ති රාජපක්ෂ නොව ඊලඟට තමාව ද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇතැයි හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණු සිය පුත් නාමල් රාජපක්‌ෂ මහතා බැලීමට පෙරේදා (15) මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කට තිබුණ පලියට ඩොලර් වලට යටවුණ අයට ඕන දෙයක් කිව හැකි බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත්  (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මෑණියන්ගෙන්ද ප්‍රශ්න කළ යුතු බවත් ඇයව නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත්ය.