සංගා කියන්නේ හරි අමුතු චරිතයක්. ක්‍රීඩාවේදි ඔහුගේ වෘතියේදී හරිම එක් අරමුණක් ඇතිව වැඩ කරන කෙනෙක්. ඒත් එලියෙදි කිසි පිළිවලක් නෑ. ඔහුගේ කාමරයවත් කිසි පිලිවලක් නෑ. අපි කෑගහලා කෑගහලා පොඩ්ඩක් පිලිවලක් වුනා. කිසිම දවසක වෙලාවට එනවා කිව්වොත් එන්නේ නෑ. මං අනන්තවත් එයාගේ පොලු කාලා තියනවා. ලන්ඩන් වල පවා සංගා එනකන් මං බලන් ඉදපු වෙලාවල් ඕන තරම්.” මෙහෙම කියන්නේ ක්‍රිකට් පිටියේ අපි දුටු හොඳම මිතුරන් දෙදෙනාගෙන් අයියගේ චරිතයට අපට ගත හැකි සුපිරි පිතිකරු මහේල ජයවර්ධන.

මහේල වැඩි දුරටත් මෙසේ පවසනවා ” ඒත් ඒ තමයි ඔහු. පුහුණුවීම් වලට ආපුවම පුදුම කැපවීමක් තියෙන්නේ. මං ලංකාවේ ඒ වගේ පුහුණුවීම් කරන කෙනෙක් කවදාවත් දැකලා නෑ. ඔහුට ඕන වුනේ වෘතියට සරිලන සම්පූර්ණ මිනිහෙක් වෙන්න.”

අවසාන වශයෙන් මහේල කියන්නේ ඔහුගේ සියළු ශක්තිය ක්‍රීඩාව වෙනුවෙන් දුන්නා ඊට අමතර දේකට රැස්වීමකට වගේ දේකට එන්න කිව්වොත් කියන්නේ ” හරි මං එන්නම ඕනනම් එන්නම්” කියලා. ඒත් ඒ කැමැත්තෙන්ම එන ගමනක් නෙවේ. ඒත් අවසානයේ ඔහු ඔහුගේ කාර්යය සම්පූර්ණයෙන්ම ඉටු කලා. තම කළන මිතුරා සම්පූර්න මිනිසෙක් බව කියමින් මහේල අවසන් කරනවා.