ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කොටි  60  ක මුදලක් කප්පම් ලබාගැනීමේ චෝදනාව යටතේ පසුගිය  (27) රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට, ජුලි මස 05 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ සිටින   හිටපු  මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බේරාගැනීම සඳහා එජාපයේ “ලංකාවේ දෙවන විශාලම නගරය වන සෙංකඩගල නගරයේ  ” ජාතික ලයිස්තුවෙන් තේරීපත්වුණු  ඇමතිවරයෙකු දැඩි උත්සාහ දරා ඇති බව ආරක්ෂක අංශ  අප  වාර්තාකරු සඳහන්කරයි.

මෙම ඇමතිවරයා පසුගිය  (27)  සජින් වාස් ගුණවර්ධන රහස් පොලීසියට ගිය අවස්ථාවේ සිට පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිළධාරීන් රැසකට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘මොන විදියකටවත් සජින්ව උසාවි දාන්න එපා. කටඋත්තරයක් අරන් යන්න අරින්න’ යනුවෙන් බලපෑම් කොට තිබේ.

ඊට පැහැදිලි පිළිතුරක් දී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ ‘මම රහස් පොලිසියේ වැඩවලට ඇඟිලි ගහන්නෙ නෑ. ඒ අය හරිදේ කරාවි’ කියාය.

මෙම ඇමතිවරයා දෙනට චීනයේ සංචාරයක නිරතවසිටි.

LEAVE A REPLY