අද වනවිට ආන්දෝලනයකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්  ක්‍රිස් නෝනිස් මහතාට පහරදිමට චෝදනා ලද මහින්ද රාජපක්ෂ මහතාගේ සමිපතමයෙක් වන  හිටපු මන්ත්‍රී  සජින් වස් ගුනවර්ධන මහතා බරපතල දුෂණ වංචා චෝදනා යටතේ මස 3ක කාලයක් රක්ෂිත බන්ධනාගර ගතවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ සහ රාජපක්ෂ පවුලේ සියලු වංචා දුෂණ වත්කම් තම දන්නා බවත් එය හෙළිකරන බවත් කියමින් අප දන්නා ගුනවර්ධන මහතා රජයේ ශාක්ෂි කාරයකු බවට පත්විය.

මේ කාරණය සමග කලබලයටපත් රාජපක්ෂ පවුලේ සියල්ලෝම සජින් මහතාගේ බිරිදට එකදිගට දුරකථන ඇමතුම් ලබාදෙන ලදී එහිදී වඩාත් බියට පත්වුයේ නාමල් රාජපක්ෂ මහතායි. වරක් නාමල් රාජපක්ෂ විසින් ගුනවර්ධන මහතාගේ බිරිදට කියාසිටියේ ” අක්ක මම ගෙදෙර එනවා සජි අයියව බලන්න මොකද්ද මේ කතාව සජින් අයියා සියල්ල කියනවා කියන කතාව” එවිට කෝපයට පත් සජින්ගේ බිරිද නාමල්ට බැනවැදී හිරේ ඉන්න කොට එකෙක්ව ආවේ නැහැ දැන් එන්න ඕන නැ අපි මේවා බලාගන්නම් ඔගොල්ලන් නිසා තමයි අද මේ දේවල් සිද්ද වුනේ කතා නොකර හිටියොත් හොදයි යන වචන ටික නාමල් හට පිළිතුරු ලෙස ලැබිණි.

රාජපක්ෂ රෙජිමයේ ඊලග තුරුම්පුව වුයේ සජින් මෛත්‍රීගේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ග්‍රහණයෙන්  බේරාගෙන UNP රැකවරණය යටතේ කේවල් කරගැනීමයි. වියාපාරික ලෙස සියා මහනුවර ඇගලුම් කර්මාන්ත සදහා නිරන්තරයෙන් උදවු උපකාර කල හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මලික් සමරවික්‍රම මහතා ආමන්ත්‍රණය කරමින් සජින්ව නිසි ලෙස හසුරවන ලෙස මලික් මහතාට පෙර කල උදවු උපකාරද මතක් කරමින් ඉල්ලා සිටින ලදී. ඉන් අනතුරුව සජින් සමග මලික් මහතා විනාඩි 42ක දුරකථන සංවාදයකට පසු ඔබට පොලිස් ආරක්ෂාව ලබාදෙන්න අපිට රාජපක්ෂ වරුන්ගේ වත්කම් සියල්ල හෙලිකරන ලෙසයි.එයට එකග වන සජින් වාස් ඉල්ලා සිටින්නේ මගේ බිරිදටත් පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසයි. එයටදේ එකග වන මලික් සමරවික්‍රම පොලිස්පති ඉලංගකොන් මහතා අමතා පොලිස් ආරක්ෂාව සපයා දෙන ලදී. මලික් සමරවික්‍රම සමග වියාපාරික වශයෙන් සජින් සමගද පෙර සිට සම්බන්දයක්ද පැවිතිණි එයද අලුත් කරමින් රාජපක්ෂ පවුලද එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනද ශක්තිමත් කිරීමට හොදම තුරුම්පුව මලික් සමරවික්‍රම ට හිමි වීම ගැන දිනක් ඔහු SSC ක්‍රීඩා සමාජ ශාලාවේ මදුවිත පානය කරමින් සමීප දේශපාලන මිතුරන් සමග ප්‍රකාශ කරනලදී . එහිදී රාජපක්ෂ පවුලේ මුදල් තිබෙන බැංකු කීපයක් ගැනද හෙළි කරන ලදී.

ඩුබායි ගිණුම් 2කක සල්ලි මේ වනවිට සජින් වාස් හරහා නාමල් මාරුකර ඇති බවද ප්‍රකාශ කර ඇත.

බැසිල්ගේ ඉල්ලී මට මලික් සමරවික්‍රම මහතා ග්‍රහණයට ගන්න සජින් වාස් ගුනවර්දන මහතාව රාජපක්ෂ පවුලට විරුද්ධව නොයවා සියුම්ව බැසිල් රාජපක්ෂ හරහා සිය දේශපාලන දඩයමට එය ඉත්තෙක් කරගන්න ලදී.

ඒ වගේම සියුම් ලෙස එකාබද්ද විපක්ශයේ මන්ත්‍රි වරුන් යොදා සජින් සිටින්නේ ආණ්ඩුවේ රැකවරනේ මෛත්‍රි පිලේ ජනාදිපති තුමා ආරක්ෂාවදී ඇති බව වෙබ් අඩවි හරහා ගෙන යාමද නාමල් විසින් මලිත් මහතාට උදවුවක් ලෙස සිදුකරන ලදී. ජනාදිපති තුමා සමග ඉතා කිට්ටු සම්බන්දයක් ඇති බව සිතු මහින්ද අමරවීර මහතාද මැයි දින සංවිදාන කටයුතු සදහා සජින් වාස් ගුනවර්ධන මහතා සම්බන්ද කරගන්නේ අනවබෝදයෙන්. කිසිදු දේශපාලන නායකයෙක් ජනාදි පති තුමා සමග සජින්  වාස් පිළිබද කතා නොකර සිටින්නේ   රාජපක්ෂ පවුලට  එරෙහි මෙහෙයුමට ජනාදි පති තුමා විසි යොදාගෙන සිටි සිතා රාජ්‍ය උදහසට ලක්වෙයි බියෙන් සජින්ගේ පොලිස් ආරක්ෂාව ප්‍රශ්න නොකර සිටින්න ශ්‍රීලංකා නිදහස්පක්ෂිකයෝ අමතක නොකරේය.

නමුත් කලකට පසුව දිලාන් පෙරෙරා අමාත්‍ය තුමා ජනාදිපති තුමාගෙන් ප්‍රශ්න කරන්නේ අයි ඔබතුමා සජින් වාස් ගුනවර්දන මහතා වගේ චෝදනාවලට ලක්වී සිටින අයට පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ ඒක ගොඩක් අය කතාකරනවා ඒ වගේම සජින් වාස්ව ඔබ තුමා ආරක්ෂා කරනවානම්  ඊට වඩා  ගොඩක් හොද මන්ත්‍රී වරු ඉන්නවා අපිටආරක්ෂා කරන්න ඒ අයවත් අපි ගමු ලෙසයි. එවිට ජනාදිපති තුමා තමන්පොලිස් ආරක්ෂාව නොදුන් බව ප්‍රකාශකරන ලදී. ඉන් අනතුරුව ජනාදිපති තුමා තම ප්‍රකාශය සත්‍ය බව ප්‍රකාශ කිරීම සදහා සියල්ලටම ඇසෙන පරිදි දුරකතනයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර ගෙන් පුජිත් කවුද සජින් වාස්ට  පොලිස් ආරක්ෂාව දුන්නේ එවිට පොලිස්පති තුමා කියන්නේ මගේ කාලේ  නෙවයි එය Mr.ඉලංගකෝන්  තමයි දීල තියෙන්නේ  කියනවා. එහෙමද හොදයි කියූ ජනාදිපති තුමා හිටපු පොලිස්පති ඉලංගකෝන් ඒ ක්ෂණයේ අමතා ප්‍රශ්නකරන ලදී. එවිට ඉලංගකෝන් මහතා කියා සිටියේ මලිත් සමරවික්‍රම ඇමතිතුමාගේ ඉල්ලීමට ලබාදුන් බවත් ඔහු රජයේ සාක්කි කරුවෙක් වී සිටින බවත්.

ඒ විට කෝපයට පත් අසල සිටි අමාත්‍යවරු සර් අපි මෙච්චරකල් හිතාගෙන සිටියේ සර් සජින් වාස්ට ආරක්ෂාව දෙනවා කියලයි. මේක ඉතාමත් ජරාදෙයක් මලික් සමරවික්‍රම කරේ අපි මේක කතාකරන්නම් කියමින් දැඩි විරොදයක් මලිත් සමරවික්‍රම මහතාට එල්ල කරනලදී.මෙය මලික් සමරවික්‍රම මහතාගෙන්  දුරකතනයෙන් සාගල රත්නායක අමාත්‍යවරයා අසා ඇති අතර මලික් සමරවික්‍රම අමාත්‍ය වරයා කියා සිතියේ මම ඉලන්ගකොන්ගෙන් සජින්ට පොලිස් ආරක්ෂාව දිය හැකිද යන්න විතරක් විමසු බවයි. මම දෙන්න කියාලා එයට කියුවේනැ. කෙසේ වෙතත් මලික් සහ බැසිල් ගේ දේශපාලන නාඩගම අහම්බෙන් එලියට ඒමත් සමග දේශපාලන පොරපිට්යේ යහපාලන ආණ්ඩුවේ ඩිල් දේශපාලනය යලිත් නිරුවත් විය.මලික් සමරවික්‍රම අමාත්‍යතුමා චීන නිල සංචාරයෙන් පසුව රාජපක්ෂ රෙජීමය සුරකින්න මලික් ගේ වැයම එලියට ගැනීමට සිවිල් සංවිධාන බලාපොරොත්තුවවෙන් සිටි…

LEAVE A REPLY