පසුගියදා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, ඔර්ලෑන්ඩෝ හි සමලිංගිකයන්ට වෙන්වූ රාත්‍රී සමාජශාලාව තුල සිදුවුණු වෙඩි තැබීමක් නිසා 50 දෙනෙකුට දිවි අහිමිවී 42 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මේ සිද්ධියට මැදිවුණු පුද්ගලයෙක් වෙඩික්කරුගේ අතින් ඝාතනය වීමට පෙර තමන්ගේ මවට දුරකථනයෙන් සිදුකළ සංවාදයක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය මඟින් අනාවරණය කර ඇත.

29 හැවිරිදි ඕමාර් මාටින් මේ විදියට සමලිංගික නයිට් ක්ලබ් එකට ගිහින් ඒකේ ඇතුලේ හිටපු දකින දකින අයට වෙඩි තියද්දි එඩී කියන 31 හැවිරිදි පුද්ගලයා බාත්රූම් එකක හැංගිලා තමන්ගේ මවට දුරකථනයෙන් කෙටි පණිවුඩ කිහිපයක් යවා ඇත.

ඒ සංවාදය තමයි මේ…

අම්මේ මං ඔයාට ආදරෙයි, ඒ ගොල්ලෝ අපිට වෙඩි තියෙනවා.
පුතේ ඔයා හොඳින්ද ?
මම බාත්රූම් එකේ, පොලිසියට කතා කළා මම..
ඔයා මොන බාත්රූම් එකේද ඉන්නේ ?
එයා එනවා අම්මේ මම මැරෙන්නයි යන්නේ…

මේ විදියට තමන්ගේ අම්මා එක්ක විනාඩි කිහිපයක් ෆෝන් එකෙන් මැසේජ් කරපු වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් වූ එඩී 50 දෙනෙකු ඝාතනය වුණු සමලිංගික නයිට් ක්ලබ් එකේ 9 වෙනියට ඝාතනය වුණු කෙනා විදියට ගණන් ගෙන තිබෙනවා.

සමලිංගිකයින් වැඩිම පිරිසක් එකතැන සමූල ඝාතනය වුණු සිද්ධිය වලින් එකක් හැටියටත් මේ ඝාතනයක් ඉතිහාසයට එක්වුණා.