ජායා කැබිනට්ටුව හෙවත් shadow cabinet යන වචනය ලාංකික අපට එතරම් හුරු පුරුදු වචනයක් නොවේ. නමුත් ඊයේ සවස් කාලයේ පටන් විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය තුල හදිසියේ ප්‍රචාරයට පත් වූ පුවතක් අද දිනය වන විට රටේ අනෙකුත් සියලු දේ අභිබවා සමාජ කටගැස්ම බවට පත්වෙමින් පවතී එයට උදාහරණ ලෙස ඊයේ රාත්‍රියේ ජාතික මට්ටමේ මාධ්‍ය නාලිකා වල ප්‍රධාන පුවත ලෙස ගෙන තිබුනේ මෙම පුවතයි. එමෙන්ම අද දිනයේ පුවත්පත්වල ප්‍රධාන පුවත වුයේද මෙයයි.

01

මොකද්ද මේ ජායා කැබිනට්ටුව 

බ්‍රිතාන්‍ය තුල ක්‍රියාත්මක වන වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ (Westminster system) පාර්ලිමේන්තු ක්‍රමය තුල එහි විපක්ෂය තුල විපක්ෂ නායකයා අගමැතිවරයා ලෙසත් සෙසු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දෙමින් ඔවුන් සත්‍ය ඇමති කම දරන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ විෂය පථයට අදාලව තොරතුරු විශ්ලේෂණය කරමින් ඒවාට අදාළ ගැටළු ඉදිරිපත් කරමින් අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය ජනතාව වෙනුවෙන් ඉටු කරවීමේ වගකීම දරා ක්‍රියාත්මක වන ක්‍රම වේදයකි.

ලංකාවේ  ජායා කැබිනට්ටුව කුමක්ද

අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මෙවන් දෙයක් නැතත් ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂය ජායා කැබිනට්ටුව ක් පත් කොට ඇති අතර එහි විපක්ෂ නායක හෝ සම්ප්‍රදායික ජායා කැබිනට්ටුවට අදාළ නොවන අයුරින් පහත පරිදි ඇමතිකම් පත් කොට ඇත.

13615055_10209542431507715_3689585895468927524_n 13566925_10209542431707720_3792356882257066873_n

ඉහත පත්කිරීමත් සමග සමාජ ජාල මාධ්‍ය තුල රැල්ලක් (Trend) ලෙස තම තමන්ගේ යහළුවන් තම ජායා කැබිනට්ටුව ලෙස පත්කරමින් විනෝදාත්මක මාතෘකාවක් බවට පත් වෙමින් පවතී.

 

01-1 02

ජායා කැබිනට්ටුව පත්කළේ ඒකාබද්ධ විපක්ෂයමද?

ඒකාබද්ධ විපක්ෂය පත්කලා යැයි ඇවිලෙමින් යන මෙම කැබිනට්ටුව අද දිනයේ ඇති අනෙක් ප්‍රශ්ණ සියල්ල අමතක කරමින් ඒකාබද්ධ විපක්ෂය රටේ ප්‍රධාන මාතෘකාව වී හමාරය. ඒ අතින් ගත් කල මෙය එකාබද්ධ විපක්ෂයේ ජනප්‍රියතාව පවත්වා ගැනීමට ඔවුන් කල උපක්‍රමයක් විය හැකිය. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පිලිබදව වියැකෙමින් යන ජනප්‍රියතාව යලි ලබා ගැනීමට යයි තවකෙකුට සිතිය හැක එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන බවටද ප්‍රවෘත්ති පලවෙමින් ඇත. තවද මෙම පාර්ලිමේන්තුවේ නාමල් රාජපක්ෂ මහතා විදේශ ඇමති ලෙස පත් කර ඇත එය විහිලු සහගතය එසේ බැලුවහොත් ඒකාබද්ධ විපක්ෂය එවැනි දෙයක් සිදුකර ඉල්ලන් කන්නේ යැයි සිතීමටද නොහැක.

මේ අනුව බලන කල සියලුදෙනාටම තවමත් මෙම කැබිනට්ටුව පත් කිරීම ප්‍රහේලිකාවක් බවට පත් වෙමින් පවතිත්දී.

සරලවම කිව හැක්කේ කුමන අරමුණකින් කලත් අවසානයේ සමාජයේ රැල්ල බවට මෙය පත්වී ඇති බවයි.

LEAVE A REPLY