ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල්, සරත් ෆොන්සේකා මහතා  අද එජාප සාමාජිකත්වය ලබාගෙන තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම කටයුත්ත අද සිදුවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් පිරිසක්  එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

තමන් එජාපයේ සාමාජිකත්වය ගන්නා බව කැලණියේදී ඊයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා පවසා තිබුණි.