විෂය භාර අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවලින් ද සාර්ථක නොවුණු සරසවි අනධ්‍යයන සේවක ගැටලුව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා මැදිහත් වී ජනාධිපතිතුමාගේ ද සහයෝගය ලබා ගනිමින් විසඳීමට කටයුතු කර ඇත.

අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් 07න් 06කට විසඳුම් වහාම ලැබුණු නමුත් ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වූ මාසික හිලව් දීමනාව සම්බන්ධ ගැටලුව විසඳීමට අපොහොසත් වූ නිසා ඔවුන්ගේ වැඩ වර්ජනය නතර වූයේ නැත. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ම අඩාල විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙන් ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය ද සැලසුම් කර තිබූ පරිදි නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කරගැනීමේ කාර්යය වසරකට මාස දෙක බැගින් ඉදිරියට දැමීමේ කටයුත්ත ලොප් විය. ඇතැම් විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් කිසිසේත් ම නොතිබුණි. මේ අතර ග්‍රේරු මහතා ක්‍රමානුකූලව ගැටලුව තුළට කිඳා බැස අදාළ පාර්ශ්වයන් සමඟ තනිව ම සාකච්ඡා කොට අවශ්‍ය එකඟතාවන් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරමින් අද වනවිට ගැටලුව සම්පූර්ණයෙන් ම විසඳා තිබේ.

ඒ අනුව වැඩ වර්ජනය අද (2016/08/08) දහවල් 12.00 වනවිට අවසන් වී ඇත. දෙපාර්ශ්වය අතර ගිවිසුම් අත්සන් තැබීමට අදාළ අමාත්‍යංශ ලේකම්වරයා පසු බසින විට ඔහුට දුරකථනයෙන් කථා කොට තමා ළඟට ලේකම්වරයා ගෙන්වා ගනු වෙනුවට තම වාහනය තමා ම පදවා ගෙන ලේකම්වරයා සිටි තැනට ගොස් පැය ගණනක සාකච්ඡාවකින් පසුව අවශ්‍ය අත්සන් ලබා ගැනීම ද සිදු කොට තිබේ.

නමුත් අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී රාජ්‍ය ඇමති ග්‍රේරු සිනහමුසු මුහුණින් සිටියා විනා ඔහුට වචනයක්වත් පැවසීමට අවස්ථාව ලැබුණේ නැත. මාධ්‍ය ඉදිරියේ අනෙකුත් අය ලකුණු දමා ගනිද්දී එසේ නිහඩව සිටීම පිළිබඳ මාධ්‍යවේදීන්, අනධ්‍යයන සේවකයන් පවා සිය මවිතය පළ කළ අතර අමාත්‍යවරයාගෙන් ඇතැමෙක් ඒ පිළිබඳ විමසූ විට ‘කොහොම හරි මේක ඉවර කරගත්තානේ…දැන් ළමයින්ට ආපහු විශ්වවිද්‍යාලවලට එන්න පුළුවන්නේ…’ යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

යාපනය විශ්වවිද්‍යාල ගැටලුව විසඳීමට ද මේ ආකාරයෙන් ම මැදිහත්වීම සම්බන්ධයෙන් ඇමතිවරයාට දස දෙසින් ප්‍රශංසා ගලා එන බැව් ආරංචි ය.

 

20160808_150547

20160808_150556 (2)

LEAVE A REPLY