සරසවි සිසුන් පිරිසක් කොළඹ කොටුව ප‍්‍රදේශයට පා ගමනකින් පැමිණ සිදුකිරීමට සූදානම් වන උද්ඝෝෂණයකට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, උද්ඝෝෂණ හෝ පා ගමන් මගින් මහාමාර්ගයේ වාහන ධාවනයට හෝ මගීන්ට අවහිරයක් සිදු නොකරන ලෙසටයි. රාජ්‍ය ආයතනයක් වන ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම ද මෙමගින් තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් සාමය කඩ නොවන පරිදි හෝ පීඩාකාරී නොවන අන්දමින් උද්ඝෝෂණයක් හෝ පා ගමනක් පවත්වාගෙන යාමට මෙමගින් බාධාවක් නැහැ.

ඒ අනුව අදාළ පා ගමන ආරම්භ වී තිබෙනවා. සිසුන් පැවසුවේ සාමය කඩ නොවන හා පීඩාකාරී නොවන අයුරින් උද්ඝෝෂණයක් සිදු කිරීමට අධිකරණ නියෝගයෙන් තමන්ට බාධාවක් නොමැති නිසා මෙලෙස උද්ඝෝෂණයේ යෙදෙන බවයි.