රුපියල් කෝටි 118කට ආසන්න මුදලක් වැය කරමින් මැති ඇමතිවරු සඳහා ගෙන්වීමට නියමිත සැපවාහන ආනයන මාස තුනක කාලයකට නතර කළ බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියද ඔහු එසේ ප‍්‍රකාශ කර ඇත්තේ ඒ වනවිට එම වාහන ගෙන්වීම සම්බන්ධයෙන් රටේ පැවති විරෝධය මැඩපැවැත්වීම සඳහා බව මේ වනවිට එය සනාත වී තිබේ.

04
මේ වනවිට නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ සහ ඇමතිනී තලතා අතුකෝරල මහත්මියගේ රථ දෙක හම්බන්තොට වරායට ගොඩබා තිබේ.

පසුගිය ජුනි 07වනදා රුපියල් කෝටි 118කට ආසන්න මුදලක් මෙසේ වාහන ගෙන්වීම සඳහා වෙන්කරගනිමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ වනවිට රටේ පැනනැග තිබූ ස්වභාවික නායයාම්, ගංවතුර ආපදාවයන් සහ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් ඇති වූ ආපදාවයන් නිසා එයින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම හා ඔවුන්ගේ ජන ජීවිත යතා තත්වයට පත් කිරීමට කටයුතු නොකර මෙසේ වාහන ගෙන්වීමට රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව රට තුළ දැඩි විවේචනයක් එල්ල වෙමිනි පැවතුණි.

02 01

ඉන් පසු ජුනි 10 හෝ ඊට ආසන්න දිනකදී, එම වාහන ඇනවුම් කිරීමට මුදල් වෙන් කිරීම ආපදා තත්වයන් සඳහා සම්පූර්ණයෙන් විසඳුම් ලබා දී ජන ජීවිත යතා තත්වයට පත් කරන තුරු මාස තුණකට පමා කරණ ලෙස අග‍්‍රාමාත්‍යවරයා මහා භාන්ඩාගාරයට නියෝග කළ බවට අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කර සිටි අතර ඊයේ (08) වනවිට අග‍්‍රාමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය සිදු කර මාසයක්වත් ඉක්ම ගොස් නැත.