සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පවතින සබඳතාව කඩා බිඳ දැමීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරමින් සිටින බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මග්ගෝන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට එක්වූ පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා ද කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කළ අයෙක් බවයි.

මැතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා තාජුඩීන් සිද්ධිය මුල්කරගනිමින් දේශපාලන ව්‍යාපාරයක් ගෙන ගිය බවද හෙතෙම කියා සිටියේය.