සියත මාධ්‍යජාලය සහ ආර්පිකෝ සමාගම එක්ව අයහපත් කාළගුණය හේතුවෙන් විපතට පත් පවුල් 8000කට එකක් රුපියල් 8000 පමණ වටිනා වියලි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග අඩංගු සහන මල්ලක් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වී තිබේ.

“ලෙංගතුකම” නමින් හැදින්වෙන මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ කිසිදු භාන්ඩයක් හෝ මුදලක් පොදු මහජනතාවගෙන් ලබා නොගෙන අදාළ ආයතන දෙකේ සහයෝගීතාවය මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි.

“ලෙංගතුකම” වැඩසටහනේ පළමු අදියර ලෙස කලුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ජනතාව වෙත මෙම බඩුමල්ල ලබාදීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 300 පමණ මුදලක් සියත ආයතනය විසින් වියදම් කර ඇති බවට වාර්තා වී ඇත.

මෙරට විශාලතම සුපිරි වෙළඳසල් ජාලය හිමි සමාගම වන ආර්පිකෝ සමාගම විසින් සිය ක්ෂේත්‍රයේ සිටින කිසිදු සමාගමකට සමකල නොහැලි මට්ටමේ සමාජ වගකීමක් මෙම ව්‍යාපෘතිය හරහා ඉටුකර ඇත.

ජනතාවගෙන් එකතුකරන ලද ආධාර වලට තමන්ගේ මාධ්‍ය ආයතනයේ ලාංජනය ඇලවූ මාධ්‍ය ආයතන සහ සිය ආයතන වලට සවන් දෙන/ නරඹන ශ්‍රාවකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට මගතොටදී හමුවී ඇහුවත්, කොල් කරලා හැහුවත් අදාළ ආයතනයේ නම කියුවොත් මුදල් දුන් මාධ්‍ය ආයතන වලටත් සිය වියදමින් එක් රුපියලක් හෝ ජනතාවට සහන සැලසීමට ලබා නොදුන් අවස්ථාවකදී “සියත” මාධ්‍ය ජාලය විසින් සිදුකල මෙම මෙහෙවර ඉතාමත්ම අගය කල යුතු කරුණකි.

මෙම වැඩසටහනේ ප්‍රචාරණ වියදමක් නොමැති අතර එය බලෙන් ප්‍රචාරය කරවීම සඳහා බඩු බෙදීමට එහා ගිය මාධ්‍ය යුද්ධයක්ද දක්නට ලැබුනේ නැත. සියත සහ ආර්පිකෝ සමාගම් නිහඬවම සිය සේවය ඉටුකර තිබේ.

පීඩාවට පත් ජනතාවට එම බඩු තොග බෙදාදුන් ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.