ටීනා ප්‍ර‍නාන්දු මෑත කාලයේ ජනප්‍රිය වූ නිරූපණ ශිල්පිණියක්.

නිරූපණ ශිල්පිණියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට වෙළඳ දැන්වීම් හා ගීත රූප රචනා සඳහා පෙනී සිටින රංගන ශිල්පිණියක ලෙසද ප්‍ර‍සිද්ධයි.

ඉදිරියේදි ඇය සිනමා ශිල්පිණියක් ලෙසද කටයුතු කිරීමට නියමිතයි.

ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන දේදුනු ආකාසේ චිත්‍ර‍පටය හරහායි.

පසුගිය කාලයේ නැවතී තිබුණු මෙම චිත්‍ර‍පටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව ටීනා පවසනවා.

ලබන 6 වැනිදා ඇය පැරීසියටත් යන්න නියමිතලු.ඒ නිරූපණ ප්‍ර‍සංගයකට හා චිත්‍ර‍පට රූගත කිරීමකට.

තමා චිත්‍ර‍පට වලින් පමණක් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇති බවත් ආරාධනා කොතෙකුත් තිබුණත් ටෙලි නාට්‍ය සඳහා එක්වීමට ඇගේ කැමැත්තක් නොමැති බවයි ඇය පවසන්නේ.

චිත්‍ර‍පට සඳහාද අරාධනා ලැබුණත් තෝරා බේරාගෙන හොඳ නිර්මාණයකට පමණක් දායක වන බව ඇය පවසනවා.

ටීනා ඇගේ වැඩ වලට ඉහළ මිලක් අය කරනවා කියලා ශේෂ්ත්‍රයේ බොහෝ අය කතාබහ වනවා.මේ ගැන ටීනා පැවසුවේ මේ වගේ දෙයක්

ඔව්, නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණ මුල් කාලයේ ඉඳලා මගේ අය කිරීම් ඉහළයි. මම හිතනවා මගේ වටිනාකමට මගේ දක්ෂතාවට සරිලන මුදලක් තමයි මම අය කරන්නේ කියලා. චිත්‍රපටයක වුණත්, මියුසික් වීඩියෝවක වුණත් මේ හැම දේකටම මම අය කරන්නේ ඉහළ මිලක්.

කුඩා කාලයේ සිටම නිරූපිකාවක වීමට කැමැත්තෙන් පසුවූ බවත් අද ඈ සිටින තත්වය පිළිබඳ බෙහෙවින් සතුටු වන බවත් ඇය පැවැසුවා

ඉදිරියේදී දේදුණු ආකාසේ චිත්‍ර‍පටයෙන් හා නවතම ගීත රූප රචනා තුළින් ප්‍රේක්ෂකයන්ට ඇයව දැක ගත හැකිවුනු ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් පසුගිය දිනෙක නිකුත් වූ ගීතයක රූප රචනාවක් නිසා ඈ පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිවී තිබෙනවා.

මෙම ගීතයේදී ඇය දෙතොල් සිපගන්නා දර්ශණයකටද පෙනී සිටිනවා.

2016-10-03-ent-53 2016-10-03-ent-54 13879459_1872584516302938_2579629855496057417_n 13908904_1873450922882964_1045741636571867823_o 51061958820_teena-9