රාජපක්ෂ රෙජීමයට එරෙහිව දූෂණයට හා වංචාවට එරෙහිව හඩ නැගූ ජාත්‍යාන්තර වෙළෙදාම පිළිබද නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ ස්වකීය ස්වකීය තීරුබදු රහිත වාහන බලපත්‍රය නීති විරෝධී ලෙස විකිණිම පිළිබද චෝදනා ලැබ ඇති ආකාරය උසාවිය ඉදිරියේ හෙළි වෙමින් තිබේ.වර්ෂ 2016 ජූනි මස 17 දා ස්වකීය තීරුබදු රහිත වාහන බලත්‍රයක් යටතේ ටොයොටා ලෑන්ඩ් කෘෘසර් රථයක් ගෙන්වන සුජීව සේනසිංහ එම රථය මෝටර් රථය මෝටර් රථවාහන කොමසාරිස් යටතේ ජූලි 20 දා ලියාපදිංචි කර නැවත එදිනම එම රථය ස්වකීය වාහන බලපත්‍රය ගැනුම්කරු වන අල් අක්බාර් සලේහබ්බායි නැමැතිතෙක් වෙත පවරා දී ඇත.

මෙම වාහන බලපත්‍ර අවභාවිත කිරීමේ සිද්ධිය මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙක් වූ නාගානන්ද කොඩිතුවක්කු නැමැති අයෙක් විසිනි. කොඩිතුවක්කුට අනුව මෙම වාහන බලපත්‍ර විකුණා ඇත්තේ රුපියල් මිලිනය 25 දක්වා මිලකටය. මෙම වාහන බලපත්‍ර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට රටේ නීතිය නොසලකා තමන්ගේ කැමැත්ත අනුව ඕනෑම ඇන්ජින් ධාරිතාවක් සහිත වාහනයක් ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට මන්ත්‍රී වාහන බලපත්‍ර අවභාවිත කරමින් අතිශය විශාල එන්ජින් ධාරිතාවක් සහිත ටොයොටා ලෑන්ඩ් කෘසර් රථ 34 ක් රට තුළට ගෙන්වා විකුණා ඇතැයි වාර්තා වේ. මුලුමනින්ම බදුවලින් නිදහස්, ඇන්ජින් ධාරිතාව පිළිබද සීමාවක් නැති මේ වාහන සදහා රේගුවේදී අය කර ඇත්තේ රුපියල් 1750 ක ලේඛණ ගාස්තුවක් පමණක් බව හෙළි වී ඇත.

මෙම නඩුව අගවිනිසුරු කේ . ශ්‍රී පවන් විසින් පසුගිය ජූලි මාසයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව කොඩිතුවක්කු විසින් මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර අවභාවිත කිරීම පිළිබද ලිඛිත සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

නඩුවේ වැඩිදුර විභාගය මේ මස සිදුවන අතර එහිදී සියලුම සාධක සමග මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වකීය තීරුබදු රහිත වාහන බලපත්‍ර අවභාවිත කර ඇත්තේ කෙසේද යන්න පිළිබද ඔහු විසින් හෙළි කිරීමට නියමිතව ඇතැයි පැවසේ.