බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ගේ බිරිදට සහ ඔහුගේ කුඩා පුතුට ලන්ඩනයේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට තමීම් ඉක්බාල්ගේ බිරිද වන ආයිසා සිද්ධිකා සහ ඔවුන්ගේ කුඩා පුතා ලන්ඩනයේ අවන්හලකට ගිය අවස්ථාවේදී තමීම් ඉක්බාල්ගේ බිරිද හිජාබය පැළද සිටීම හේතුවෙන් අදාළ අවන්හලේ හිමිකරු සහ සේවකයන් පැමිණ ඔවුන් එලවා දැමීමට කටයුතු කර තිබේ.

හිජාබය ගලවා ඇතුළු වන ලෙස අවන්හලේ හිමිකරු අවවාද කර තිබුනද එය ප‍්‍රතික්ෂේප කර ඉවතට යනවාත් සමඟම ඇසිඩ් ප්‍රවාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුව නිසා එංගලන්තයේ Essex Eagles කණ්ඩායම නියෝජනය කරමින් කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටි තමීම් හදිසියේම එය ප‍්‍රතික්ෂේප කරමින් තමන්ගේ මව් රටට ගිය බවද වාර්තා වේ.කෙසේ වෙතත් මේ සිද්දිය සම්බන්ධයෙන් බංගලාදේශය  නොසන්සුන් වී ඇති බවයි වැඩිදුරටත් පවසන්නේ.