තම ආර්ථික අපහසුතා පියවා ගැනීම සඳහා සිය ඔලිම්පික් රිදී පදක්කම විකුණන බවට සුසන්ත්කා ජයසිංහ විසින් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා මේ ප්‍රකාශය පිළිඹඳව විවිද අදහස් පලවිය. කෙනෙක් මෙහි වැරැද්දද ක්‍රීඩා අමාත්‍යංශයට බර කල අතර තවෙකෙක් සුසන්තිකටා දොස් නගන්නට විය මේ සියලු කතා පසෙක තිබියදී එක් රණවිරුවකු මුහුණු පොතේ මෙසේ සංවේදී සටහනක් තබා ඇත.

“ආදරණිය සුසී අක්කේ. හිතේ ඔයා ගැන තිබ්බේ ලොකුම ලොකු ගෞරවයක් අපි ඉස්කෝලේ යන කාලේ Sports කරපු අපේ හිතුවල හිටපු රැජිනක් ඔයා ඔයා අපිට හීනයක් වගේ.. ඔයා දකුණු ආසියානු ශුරතාවය දිනන කොට ඔයා ආසියානු ශුරතාවය දිනන කොට.. ඔයා ඒ පදක්කම් ගෙල පළඳින කොට අපිට දැනුන හැඟීම කියලා නිමකරන්න බෑ, හරියට අපි ඒ පදක්කම දිනුවා වගේ. අක්කා ඔලිම්පික් පදක්කමක් දිනුවහමත් අපිට දැනුනේ ඒ හැඟීමයි. මුළු රටේම අය සතුටු උනා. අක්කේ මට බැරිවුනා මළල ක්‍රීඩාවෙන් පදක්කමක් ගන්න එත් හමුදාවේ ඉන්න අපිට පදක්කමක් හම්බවෙනවා කියන්නේ ඒක මහමෙරක් තරම්. පරම විර විභූෂණ පදක්කමක් ගන්න අපේ ජිවිතේ නැතිවුනත් පදක්කම වෙනුවෙන් නෙවේ අපි කරපු සේවාව වෙනුවෙන් අන් අයගේ හිතේ අපි වෙනුවෙන් ඇතිවන ගෞරවය එතරම් වටිනවා. මේ රටේ තම ජිවිතේ කැපකරලා රට වෙනුවෙන් ලබාගත්ත උසස්ම පදක්කම වන පරම වීර විභූෂණ පදක්කම ගත්ත අල්ප දෙනයි ඉන්නේ ඒ ගත්ත හැමෝමත් ජිවත් වෙන්නේ නෑ පවුලේ උදවියටයි ඒක හම්බවෙන්නේ.. මේ සමහර පවුල් වලට එදාවේල කන්නත් නෑ එත් අක්කේ නෙත් දෙකේ කඳුළු පුරෝවගන අර පදක්කම දිහා බලලා හදවත සතුටු කරගන්නවා තමාගේ ඥාතියා රටවෙනුවෙන් කරපු සේවය දිහා බලා..
අක්කේ මට කියන්නන තියෙන්නේ ආර්ථික ප්‍රශ්න වලට එකම විසඳුම තමන්ගේ ගෞරවය විකුණන එක නෙවේ… අක්කගේ ප්‍රශ්න වලට වෙනත් විසඳුමක් ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා.”