රට නියෝජනය කර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීම හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන සේ නව නීති ගෙන එන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔලිම්පික් ශූරියක වන සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගනු ලබන පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කළේ සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය මිලදීගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළා.

සුසන්තිකා ජයසිංහට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් රුපියල් 60,000ක් හා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ද මසකට රුපියල් 60,000ක් වශයෙන් රුපියල් 1,20,000ක මුදලක් ඇයට මේ වන විට ගොවීම් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු  නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියා.