ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ජීවත්වීම සඳහා මුදල් හිඟකමින් සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සූදානම් වන බව පසුගිය දින කිහිපයේදී මාධ්‍ය රැසක් වාර්තා කල අතර යහපාලන රජය යටතේ මෙරට ජීවත්ව සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභිනියට ඉතා අභාග්‍යසම්පන්න කිරණමක් අත්වී ඇතැයි යන්න සමාජගත කිරීම සඳහා සූක්ෂම මෙහෙයුමක්ද ක්‍රියාත්මක විය.

ඇත්තටම සුසන්තිකා අසරණද? අසරණ නම් එසේ වූයේ කෙසේද?

සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා ගැනීමත් සමඟම ඇයට විශාල මුදල් සම්භාරයක් හිමිවූ අතර විවිධ ආයතන හරහාද ඇය සැලකිය යුතු මුදලක් උපයන ලදි. නමුත් සුසන්තිකා ජයසිංහ සහ ඇගේ සැමියා (දැන් දෙදෙනා වෙන්ව ජීවත් වේ) එක්ව එම මුදල් කිසිදු කළමනාකරනයකින් තොරව වියදම් කිරීමේ ප්‍රතිපල ලෙස ඇයට මෙම ඉරණම අත්වී තිබේ.

කලකට ඉහතදී ඇය විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම පිලිබඳ උරණ වූ ඇගේ සැමියා ඇයට පහර දී නිවසින්ද එලවා දැමූ අතර ඇය ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබීම ඒ දිනවල රටේ ප්‍රධාන පුවතක්ද විය.

පසුගිය රජය සමයේදී ක්‍රීඩා අරමුදලෙන් ඇයට දීමනාවක් ගෙවූ අතර ඇය එම දීමනාව ලබාගෙන මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු වලට සහය වූවා මිස ක්‍රීඩාවේ සංවර්ධනයට සිදුකල මෙහෙවරක් නැත.

යහපාලන රජය යටතේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඇයට රැකියාවක් සූදානම් කර ඊට අදාළ වැටුපක් ලබාදීමට කටයුතු සකස් කලද ඇය එය ප්‍රතික්ෂේප කරමින් සිය පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සිය පදක්කම් වෙන්දේසි කිරීමට සිදුවී ඇති බව පවසමින් රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කර තිබේ.

ඇය රටට මහත්වූ කීර්තියක් ගෙන ආ බව සැබෑය. නමුත් ඇයට මෙලෙස බොරු ගොතමින් රටට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට අප ඉඩදිය යුතුද?

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙම සිදුවීම පිළිබඳ දක්වන අදහස් පහතින් දැක්වේ.

ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ආර්ථික ගැටලු හේතුවෙන් තම ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක්‌ කලක්‌ ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්‌තුව වන ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය  පැවසුවාය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“එදා මම ක්‍රීඩා කරන කාලයේත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විවිධ බලපෑම් ආවා. ඒත් මම ඒවාට නොසැලී කටයුතු කළා. අදත් මට ඒ අමාත්‍යාංශයෙන් බලපෑම් එනවා. උපදේශිකාවක්‌ හැටියට මම මගේ යුතුකම් හරියට ඉටු කළා. දැන් මගේ වැටුපත් කපා දාලා. මේවා අසාධාරණයි. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. ඒ අයවත් මම ජීවත් කරවන්න ඕනෑ. ඒ නිසා මම තීරණයක්‌ ගත්තා. මගේ ඔලිම්පික්‌ පදක්‌කම විකුණලා හරි සල්ලි හොයාගන්න”

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙන දෙමින් 2000 වසරේදී ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි ඔලිම්පික්‌ තරගාවලියේදී සුසන්තිකා ලෝකඩ පදක්‌කමක්‌ දිනාගත් අතර එහිදී රන් පදක්‌කම දිනූ මේරියන්ස්‌ ජෝන්ස්‌ ක්‍රීඩිකාවට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව සනාථ වූ නිසා සුසන්තිකා හට රිදී පදක්‌කම පිරිනමනු ලැබුවාය.

සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.

සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක්‌ හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක්‌ ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.

එයා ඔය ඔලිම්පික්‌ පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක්‌ බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්‌ටේ්‍රලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්‌. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා.

සුසන්තිකා ජයසිංහ මහත්මිය හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මේ සම්බන්ධව අදහස් දැක්වූ වීඩියෝව පහතින් නරඹන්න…