හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (29)පෙරවරුවේ මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

අද කෝටි නව ලක්ෂයක් ණය බරකින් අපේ රට පෙළෙන බව ප්‍රකශ කළ ජනාධිපතිතුමා පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමීමේ අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත්තේ නව රජයට බවද කියා සිටියේය.

වරක් ජනාධිපති ධුරයේ කටයුතු කර නැවත ආණ්ඩුවක් ඉල්ලා දෙපතුල් වල දියපට්ට එන තුරු ඇවිදීමට තමාට නම් අවශ්‍ය නොවන බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා සිය ධූර කාලය තුල තම වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බවද අවධාරණය කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් සහ පල්ලි 50කට පරිගණක යන්ත්‍ර ලබා දීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.

LEAVE A REPLY