හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග පැවති සම්බන්ධයක් හේතුවෙන් වඩාත් කතාබහට ලක්වූ ජනප්‍රිය ගායන ශිල්පිණි සමිතා මුදුන්කොටුව පොලිසිය විසින් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස්  ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ එතුමන් ඝාතනය කිරීමට පැමිණි මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ට නවාතැන් ලබාදීමේ චෝදනාවට ඇය ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට නවාතැන් ලබාදීමෙන් ඇයට මුදලක් ලැබුණු බවට ද ඇතැම් පාර්ශ්ව මගින් තොරතුරු ලැබී තිබෙනවා.

සමිතා මුදුන්කොටුව  ගායන ශිල්පිණියගෙන් හෙළිවන තොරතුරුවලට අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේ අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ.

එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාව ඇගේ නිවසට ගෙනවිත් ඇති බවට පැවසෙන්නේ ද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් බව වැඩිදුරටත් ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY