හාලිඇල ප්‍රෙද්ශයේ හෝටලයක් වටාල මත් පෙති මත් මුදදර හා හෙරොයින් සමග පාසැල් තරුණයන් 31 දෙනෙක් අද සවස අත්අඩංගවට  ගත් බව බදුල්ල පොලිසිය පවසනවා

ෆේසබුක් මිතුරන් සේ මෙම පිරිස සංවිධානාත්මකව මෙම හෝටලයට කැඳවා මත්කර ඩීජේ සංගිතයට රංගනයට යෙමුකිරිම සිදුකර තිබෙනවා.

මේ ඩී.ජේ හමුවට සහබාගිවිම සදහා ඇතුල්වීම ගාස්තුවලෙස රුපියල් දහස හා දෙදහස් පන්සිය
ලෙස අයකර ඇති බවයි.

ඩී ජේ හමුව නම්වු මෙහිදි ඩීජේ සංගිතයට රංගනයේ යෙදෙමින් විනෝද වන්නට අවස්ථාව සලසා අතැයිද පොලිසිය කියයි වැටලීම සිදුවන අවස්ථාවේ තරුණ තරුණියන් 200 ක් පමණ සිටි නමුත් පරික්ෂා කිරිමේදි මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි තරුණයන් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් කිපයක සිසුන් හා උපකාරන පන්ති වලට යන සිසුන් බව අනාවරණය වී තිබෙනවා.