අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඊයේ (12) සිදුවූ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් විය හැකිබව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 53ක්. වෙඩි තැබූ තුවක්කුකරුද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වෙඩි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා මේ වන විට හදුනාගෙන තිබෙන අතර ප්‍රහාරයෙන් පසු ෆ්ලොරීඩා ප්‍රාන්තයේ හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර පෙරේදා රාත‍්‍රියේ 22 හැවිරිදි ක්‍රිස්ටිනා ග්‍රිමී නම් වූ අමෙරිකානු ගායිකාව වෙඩි තබා ඝාතනය කළේ ද ඔර්ලන්ඩෝ නගරයේදීයි.

LEAVE A REPLY