මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදුකිරීමට හදවත ලබාදුන් තරුණයාගේ දෙමවුපියෝ ඊයේ (16දා) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

එහිදී ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා, සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබද සිය කෘතවේදීත්වය පළකර ඔවුන් වෙනුවන් දැනට පදිංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට තීරණය කර ඇති බව මෙහිදී ජනපතිවරයා එම දෙපළට පවසා තිබේ.

 

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,  මධ්‍යම පළාත් වනිතා කටයුතු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුඑ මහත්ම මහත්මීන් මෙන්ම හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ද එක්විය.