ගොසිප් 99 වෙබ් අඩවියේ පල වූ දකුණට ගහන මදුක බුකියේ පොරක්ද?

බොරදීයේ මාළු බැමට ගොස් ගම්මන්පිල ඉල්ලාගෙන කයි මදූක තක්සලගේ සීනි කුරුල්ලා ආවේ කොහෙන්දැයි සැකයක්? සීනි කුරැල්ලාගේ ඇත්ත කතාව දකුණට අපහස කරපු මදූක නම් තක්කඩියා මෙන්න ලිපියට සරල පිලිතුරකි

පළමුව කිව යුත්තෙ දකුණට මා අපහාස කර නොමැති බවයි. හුදෙක් විනෝදය සදහා වූ බුකි කැම්පෙන් එකට මා සහය වූයේ කුමක්.නිසාද යන්න මෙසේ සටහන් කරමි

අපේ රටේ එක් පිරිසක් නිතරම තමන්ගේ පුරා ජේරුව ගැනම ලියමින් කියමින් කල් මරණ අතර ඒ හේතුව නිසාවෙන් උතුර දකුණ එක් කරන්න කිසිම ආකාරයකට නොහැකි වී ඇත.

දකුණේ අපි හෝ අපේ දකුණ කිය මින් මහ ඉහලින් කෑ මොර දෙන පිරිස් මාගේ සමාජ දර්ශනයට අනුව මා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.හෙතුව රටක් හැටියට පන්ති පාට පලාත් ගම් වශයෙන් බෙදාගෙන අපි තමා පොරවල් කියා ගන්නා සමාජ ක්‍රමය තුල රටටත් ජන්තාවටත් අත්වෙන සෙතක් නැත.සිදුවන්නේ මායිම් වෙන්වී ඇන කොට ගැනීම පමනි . කාලාන්තරයක් තිස්සෙ දකුණ කියන වචනයට මුලා වී දකුණේ ලේ යයි කියමින් ලේ රත් කරගත් සමාජ භීතිකාවක් සමාජ ජාල වල සැරි සරමින් තිබූ බව කාටත් රහසක් නොවෙයි.

එය ටිකෙන් ටික මුහුනුපොතේ සිටින දකුනේ කියාගත් තනි තනි පුද්ගලයින්ද මහ වීර කමක් යයි සිතමින් අනෙක් පලාත්වලට ඉහලින් තමන් සිටින්නේ යයි කියමින් කටයුතු කරනු පෙනී ගියේය.එය එසේ විය යුතු නැත.දකුණ උතුර නැගෙන හිර බටහිර කියා වෙනසක් තිබිය නොහැකිය.සමාජ මතයක් නම් එක රටක් විය යුතුය.නමුත් උන් මහා පොරවල් කියන්න උත්සාහ ගන්න සෑම මොහොතකදීම ඊට පහරක් එල්ල කල යුතුය යන අව්ශ්‍යතාවය මතු විය.සැබැවින්ම වයඹද උතුරද කියා පොරවල් සිටිය නොහැකිය.දකුනටද එසේමය.හරි හමන් පොරවල් නම් සුද්දා කොටු බදින්නේ ද නැත.ඒවා ආගිය කතා නිසා ඒ ගැන කතා කර පිස්සන් ඇවිස්සිමට අවශ්‍යැ නැත. මා හට එල්ල කරන මුල් ප්‍රහාරය එල්ල වන්නේ සීනි කුරුල්ල කෙසේ පැමිනියේද යන්න මතයි .

සීනි කුරුල්ල පිලිබදව මුලින්ම මා දකින්නේ ද බුකියේ පිටුවකිනි.ඒ දකුනේ ව්‍යපාරය පටන් ගන්න මොහොතේ කාගෙන් හෝ පැමිනි වචනයක් විය හැකිය.මන්ද යත් දකුනේ ව්‍යපාරය මාගේ නිර්මනයක් නොවන බැවින්ය.එය එක්තරා සැලසුමකට මා හොදින් දන්න නිරහන්කාර බුකි කාරයින්ගේ එකමුතුවක වැඩකි(නම් සියල්ල්ල ලිවීඉමට නොහැක්කේ ඒතරම් විශාල පිරිසක් දකුණේ මහන්තත්ව කම් වලට එරෙහිව නැගි සිටීමට් එකතු වූ නිසායා.එමෙන්ම ඒ ගැන මා වග කිවයුතුද නැතිද යන්න ගොසිපයා තෙරුම් ගත යුතුය.හැබයි සීනි කුරුල්ලො කෙසේ වෙතත පුක්ගැට්ටො සහ ගස් ගෝන්නු නම් ඔය භාශාවේ හිනා වෙන්නට තියෙන වචන බව කිවයුතුමය.මා කතා කරන්නේ භාශාවක වරදක් ගැන නොවන බව මෙහිදී කිව යුතුය.නමුත්මෙය භාශාවක ඇද සෙවීමට සිදුවන ව්‍යපාරයක් වූයේ අනිකුන් පලාත් පහත් කරමින් කතා කල දකුනේ බුකි වීරයන් නිසාය.

පනිනට පෙර දකුණම සිතා බැලිය යුතුය.උතුරේ සිට බලන කල උඹලා අපි සියල්ලෝම දකුණේ මිනිස්සුන්ය.නමුත් උන්ට උබලවත් උබලට උන්වත් වෙනස් ව පෙනුනේ ඔය ගොබ්බ සිතුවිලි නිසාමය. එමෙන්ම මේ රට තවත් වලපල්ලට යන්නේ නුවරින් එන මහන්තත්ව කමත් දකුනින් එන ආටූප වීරත්වයත් නිසා බව මා බියක් නොමැතිව කියන්නට කැමතිය.ඊට නුවර හෝ දකුනේ සිටින සියල්ලොම වගකිවයුතු නැත.නමුත් අන්තවාදය ඔවුන් තවමත් පරාජය කර නැත.පන්ති පරතරය කුලවලින් කුලවලට ගෙනියමින් සිටී.ආඅගමික වශයෙන් වෙන් කිරීම් ඇත.

මිනිසුන් ලෙස සිතන්නට උන් අඩුවී ඇත. අද ලන්කාවේ අමුතු උප සංස්කෘතීන් බිහිවෙමින් පවතී.එනම් ආගමික ජාතික වශයෙන් විවිද වර්න මත සිට ගනිමින් කුල වලට එහා ගිය අන්තවාදී බෙදීම්ය.මේ සියල්ලට හෙතුව වන්නේ තමන් අනුන්ට වඩා පොරවල් යයි සිතා එකෙකුට එකෙක් පහත් කිරීම ට සිතීමයි..මෙන්න මේ කාරනය බන්ඩාරනායක මහත්තයත් කලා මතකයි.තිබ්බ ඉන්ග්‍රීසිය තියන්නේ නැතුව ජාතික භාශාව හදුන්වා දෙමින් ඔහු කලේ මහා වරදකි. ඒ වරදේ සාපය වසර 30ක් විදවන්නට උනේ ඔහුගේ ලමයින්ට නොව.උතුරේ දකුනේ ඉන්න අහින්සක දුප්පතුන්ටය.දේශපාලකයාට උඹලාට පෙනෙන උතුර දකුන වත් පෙනෙනේ නැත.එහෙවු වර්ගවාදී මතයක් යන්නට හෙතුවද බෙදීමයි.පලමුව රටක් ලෙස ඉදිරියට යන්නට නම් බෙදීම නතර කල යුතුය.

දකුනේ යයි කියා ගන්න වීරයින්ට නම් මා තක්කඩියෙක් වන්නට පිලිව්නි.නමුත් එය මට සතුටකි.මන්ද යත් මා තක්කඩියා වන්නේ ද උන්ට අනුව බෙදීමට උසුලු විසුලු කර වරද පෙන්වීම තුලය.ඒ අනුව මාගේ තක්කඩි කම මට මහ මෙරකි. මා හෙටත් දකුණට නොව උතුරටද නැගෙන හිරටද උඩ රටටද කියා වෙනස්ව සලකන්නේ නැත.සලකන්නේ එකම හැන්දෙන්ය.ඊට මා සමග නැගී සිටීමට සමාජ ජල සහයක මිතුරන් රැසක් ඇත.නම් ගම් කියන්නට ලියන්නට අවසර නොවූ හෙයින් නොකියමින් නමුත් මෙය යලිත් සිදුවන්නේ නම් යලි යලිත් ප්‍රහාරය එල්ල වෙනු ඇත. ආසිරි වනිගරත්න ගැන වෙනම ලිපියක ලියන්නම් හැබැයි ආතල් එකට ගත්ත දකුනේ භාශාව කතාවත් ලොකුවට ජාතිවාදී ලේබලයෙන් මැන්න ගොබ්බ ගම්මන්පිල ලාට නම්.උත්තර දෙන්න කාලය වැය කිරීමත් මෝඩ කමක්.

LEAVE A REPLY