පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහජන සේවා පවත්වාගෙන යාම සඳහා මුදල් දීමනාවක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(28) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භවීමට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවිය යුතු බව තම ස්ථාවරය බවයි.

මේ අතර විසිතුන දෙක වගන්තිය යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා  මෑතකදී සොයාගත් කොකේන් මත්කුඩු තොගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම ජාවාරම් සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් තිබේද යන්න පිළිබද සොයා බැලිය යුතු බවයි.

එම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් පිළිබඳ අනාවරණය වී නොමැති බව  ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

2017 අයවැය කාරක සභා අවස්ථවේ වැය ශීර්ෂ 03ක් අද විවාදයට ගැනෙයි.

මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂය විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශය වැය ශිර්ෂ අද පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතය.

LEAVE A REPLY