අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (03) හොංකොං රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වු  ආසියා ශාන්තිකර කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයින් සහ ජර්මානු ව්‍යවසායකයින් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කෙරෙන බව සඳහන්ය.

යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීමෙන් පසු පැවැත්වෙන මුල්ම සමුළුව බැවින් මෙවර සමුළුව යුරෝපීය සංගමයේ ප්‍රමුඛතම රාජ්‍යයක් වන ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයට ද වැදගත් වේ.

හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ හෙට සිට ලබන 5 වැනිදා පැවැත්වෙන සමුළුව සඳහා ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයින් සහ විද්වතුන් සහ ව්‍යවසායකයින් සහභාගී වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

LEAVE A REPLY