ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අතින් වැරදි සිදුවූ බව එම සංවිධානය මහලේකම් බැංකි මූන් මහතා පවසයි.

යුද්ධයේ අවසන් අදියරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එම කටයුතුවලට ක්‍රියාශීලිව සම්බන්ධ වූයේ නම් මිනිස් ජීවිත ගණනාවක් බේරාගැනීමට තිබූ බව ඒ මහතා කියයි.

මේ නිසා යුද්ධය ආශ්‍රිතව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පාඩම් ගණනාවක් ‍ඉගෙන ගත් බවද ඒ මහතා කොළඹදී අද පැවසීය.

ඒ “තිරසර සාමයක් කරා – තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම” යන තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

එහිදී ඔහු විසින් සිදුකළ ප්‍රකාශයේ සංක්ෂිප්ත සටහනක් පහත පරිදිය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය ඉතාම සුබවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන්නා වගේම සැලකිය යුතු ප්‍රමාණයකට ඒවා ක්‍රියාත්මක කර තිබෙනවා. මම රජයට වගේම ජනතාවට සුබ පතනවා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම මෑතකදී සම්මත වූ තොරතුරු දැන ගැනීමේ පනත ගැනත්. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සමගින් ඉදිරියට යාම ගැන මම මගේ ප්‍රශංසාව පළ කරනවා. ඒ වගේම පසුගිය නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහල, දෙමළ යන භාෂා දෙකෙන්ම ගායනා කිරීම පිළිබඳවත් ප්‍රසාදය පළ කළ යුතුයි. මෙවැනි පියවර යළි විශ්වාසය ගොඩනගන්න සමත් වෙලා තියෙනවා.

නමුත් තව විශාල වැඩකොටසක් ආයතනවල නෛතිකභාවය හා විශ්වාසනීයභාවය තහවුරු කිරීමට කළ යුතුව තිබෙනවා. මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසාවට ලක් කළ යුතුයි. දැන් කොමිසම ඉදිරියට වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ගෞරවය සහ සම්පත් ලබා දිය යුතුයි. ඒ වගේම උතුරේ ඉඩම් නැවත ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ද මම අවධාරණය කරනවා. ඉඩම් නැවත පවරා දීම සම්බන්ධයෙන් මම ඊයේ ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. ඒත් එක්කම උතුරු නැගෙනහිර රැදී සිටින හමුදා සෙබළුන්ගේ ප්‍රමාණය අවම කළ යුතුයි. ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පීඩනය අවම කිරීම සඳහා මෙම ගමනේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔබ සැමගේ සහකරුවා වන බවට මම සහතිකයක් ලබා දෙනවා.‍

ශ්‍රී ලංකාව බොහෝ උගත් පාඩම් අපිට කියලා දුන්නා. අපි එයින් පාඩම් ඉගෙන ගත්තා. අපි ගොඩක් බරපතළ පාඩම් ඉගෙන ගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැත්තේන් පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූවා.ඒ කාලවකවානුවේදී මොනවද වුණේ සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික නිළධාරීන් මොනවද කලේ කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරීව සම්බන්ධවෙලා හිටියානම් පසුගිය කාලයේ දී මිනිස් ජීවිත ගොඩක් බේරාගන්න පුළුවන්කම තිබුණ කියල අපි හඳුනාගෙන තිබෙනවා.”

 

905182292ban

LEAVE A REPLY