හෙට අනිද්දා හිරගෙදරට යන්න සිටින අය ෂැඩෝ කැබිනට්ටුවක් හදා සුරංගනා ලෝකයක තාවකාලික තෘප්තියක් ලබාගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අවුරුදු 11ක් තිස්සේ ජනතාවගේ සල්ලි කොල්ලකෑ හොරු කල්ලියට හැංගෙන තැනක් නැතිව සිටින බවත්,  වැඩියෙන්ම දඟලන්නේ එය පිහිටුවීමට මුල් වූ අය  බවත්, ඇමතිවරයා කියයි.

පාර්ලිමේන්තුවට පවා නොඑන මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට තමන් නැවතත් කියන්නේ විවේචන නොකර විවාදයකට එන්න යැයිද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබල දේශපාලකයකු මෙන්ම හිටපු  ක්‍රීඩා අමාත්‍යවරයකු වු වී ඒ. සුගතදාස මහතාගේ අදට යෙදී ඇති  43 වැනි  ගුණසමරුවට ‍එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

යහපාලන රජයේ එකම දුර්වලතාවය මොවුන් සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉබි ගමනේ යාම බවත්, එසේ වුවද සාධාරණව එම පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇති බවත්, ඒ  මහතා එහිදී කිවේය.

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්  හි පිහිටි ඒ මහතාගේ පිළිරුවට  පුෂ්පෝහාර දැක්වීමක්ද එහිදී සිදුවිය.

LEAVE A REPLY