“මාධ්‍ය” යනු බලගතුවූත්, තීව්රවුත් ආයුධයකි.එම බලවත් ආයුධය හැසිරවිය යුත්තේ සුපරික්ෂාකාරී ලෙස බුද්ධිමත්වය. පසුගිය සමය අප පසුකලේ මාධ්‍යවේදීන් අමු අමු වේ ඝාතනය වූ අන්ධකාර යුගයක් පසුකරමින්ය. විවේචනයන් එල්ල කිරිමට නොව එම අධම පාලකයන් පිළිබඳ කථාකිරීමට පවා බිය වුනු යුගයක් තිබිණි. ඒ කාලයේ නොඇරුණු කටවල් ජනතාවගේ මැදිහත් කමින් උදාවූ යහපාලනයත් සමගින් නිදහස්ව, නිවහල්ව විවර වී ඇත. අපේ රට ඒ ලැබූ මාධ්‍ය නිදහස වල්බූරු නිදහසක් බවට පරිවර්තනය කර ඇත. නුවනැත්තන් විසින් මෙහෙයවිය යුතු මාධ්‍ය නම් ඒ චක්‍රායුධය ලංකාව තුල භාවිතා කරන්නේ පාට කණ්නාඩි පැළඳි මන්ධ බුද්ධිකයන් පිරිසක් විසිනි.

ජනධිපතිතුමන් ඊයේ දින ලංකාවේ මාධ්යවල වත්මන් හසිරීම පිළිබඳව මාධ්‍යට නැවතත් සිතීමට මතක් කරමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ මාධ්‍යට අවශ්‍ය වැදගත් දේවල් නොවන බවත්ය.

“ මාධ්‍යට ඕනේ කුණු රහ,මාධ්‍යට ඕනේ මිනී මැරුම්, මාධ්‍යට ඕනේ ස්ත්‍රී දූෂණ, මාධ්‍යට ඕනේ මංකොල්ලකෑම්, මාධ්‍යට ඕනේ දේශපාලන ගැටුම්, මාධ්‍යට ඕනේ කුණු කාණු.මාධ්‍යයේ වගකීම එසේ මෙසේ වගකීමක් නෙවෙයි. මාධ්‍යට ඕනේ ආණ්ඩු පෙරලන්න, මාධ්‍යට ඕනේ තියන ආණ්ඩු අප්‍රසාදයට පත්කරන්න. මාධ්‍යට ඕනේ දේශපාලන්ඥයෝ ආලුතෙන් හදන්න, දේශපාලන්ඥයෝ බලයෙන් පහකරන්න.ඒක තමා මාධ්‍යයේ චින්තනය.මේ රටේ තියෙන්නේ ලෝකයේ කොහෙවත් රටක නැති දේශීය චින්තනයක්.රටක් දියුණුකරන්න , රටක් ගොඩනගන්න,ජාතියක් විදිහට ඉදිරියට යන්න මාධ්‍යක තිබිය යුතු කැපවීම හා ගුණාත්මක බාවය ප්‍රමිතියක් තිබිය යුතුයි.මුල් පිටුව ,පළවෙනි පිටුව තමා රට නැති කරන පිටුව.” යන්නෙන් විද්‍යාත්මක ප්‍රකාශන සදහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයෙදී ජනාධිපතිතුමන් ප්‍රකාශ කල සිටියේය.තවදුරටත් ජනාධිපතිතුමන් අසා සිටියේ මාධ්‍ය කෙතක් තමන්ගේ වගකීම හරි ආකාරව ඉටුකරනවාද යන්නයි.

මාධ්‍ය කල යතු වන්නේ රටේ දුවා දරුවන්ට ඉගෙනීමත් උනන්දු කර ජාතිකත්වය වැඩි දියුණු කරමින් රටට වැඩදායි පුරවැසියෙක් බිහි කිරීමට මෙන්ම සමස්ත ජනතාවට රටේ උන්නතිය උදෙසා කැපවීමට උනන්දු කරවීමයි. ලංකාවේ මාධ්‍ය කල යුතු වන්නේ මෙය නොවේද..? අපේ රටේ අභිවෘදිය හා රටේ උන්නතිය උදෙසා මාධ්‍ය කැපවිය යුතු නොවේද..?

ඒ බව සිතීමට කාලය උදාවී ඇත.

LEAVE A REPLY