කෝටි ගාණක බැඳුම්කර වංචා ගැන චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහිව මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නැති බවත්, එසේ තිබියදී ඔහුට උපදේශක තනතුරක් පිරිනැමීමේ සුදානමක් දැනගන්නට ඇති බවත්, පැවිදි හඬ සංවිධානය පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වූ පූජ්‍ය ඉත්තකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ මෙම වාතාවරණය යටතේ ආණ්ඩුවේ පිළිවෙත කුමක්දැයි ප්‍රශ්න මතුවන බවයි.

අර්ජුන මහේන්ද්‍රන්ට මේ ආකාරයට ජනතාවගේ මුදල් කොල්ලකෑමට ඉඩදී දැන් ඔහුට නිදහසේ සිටීමට ඉඩදී ඇතිදැයි ප්‍රශ්නයක් මතුවන බව උන්වහන්සේ පෙන්වාදුන්නේය.

LEAVE A REPLY