හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණ තිබේ.

අද(03) පස්වරු 4.10ට ඒ මහතා සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බව ගුවන්තොටුපොළේ ප්‍රධාන ආගමන විගමන නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 303 ගුවන් යානයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිව යුතු බව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය කෙරුණි.

LEAVE A REPLY