අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ තායිලන්තයේ සංචාරය කිරීමට ප්‍රථමයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් මහත්මිය කැඳවා විමර්ශණවල වත්මන් තත්වය පිළිබඳව විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ විමර්ශණ පිලිබඳව විශේෂයෙන් සඳහන් කිරීමට කරුණක් නොමැති බවයි.

ජනාධිපතිවරයා විදේශගතවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විවිධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳ ව තම අප‍්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) ‘සත්විරු උරුමය‘ ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයට කොළඹ පදනම් ආයතනයේ දී එක්වෙමින් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහි ව ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

LEAVE A REPLY