දෙසැම්බර් මස 03 වන දිනට යෙදී තිබෙන අබාධිතයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය මෙවර ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව, පුලතිසිපුර ජාතික විද්‍යාපීට පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කොට තිබෙනවා.

මේ පිළිබඳව අනාවරණය කෙරුනේ අද දින සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ මුලිකත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු පුර්ව සාකච්ඡාවකදීය. මෙම පුර්ව සාකච්ඡාව සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන වසන්ත සේනානායක මහතා සහ සිඩ්නි ජයරත්න මහත්වරුන් සහභාගී වූ අතර ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.

LEAVE A REPLY