ආබාධිත වූ සියලූම රණවිරුවන්ට සිය මාසික වැටුප විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ජීවිත කාලය පුරා අඛණ්ඩව ලබාදීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරසේන මහතා පවසනවා.

27 පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති වීර පදක්කම් සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ මෙම යෝජනාව පිළිබඳ පසුගිය වසරේ රජය තීරණයකට එළැඹ ඒ පිළිබඳ යෝජනාව 2017 අය වැය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඇතැම් පිරිස්වල වුවමනාවන් මත උද්ඝෝෂන ව්‍යාපාර පවා දියත් කෙරුණු බවයි.

කුමන විවේචන, අපවාද එල්ලවූව ද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප‍්‍රතිපත්තිය අබමල් පියල්ලකින්වත් වෙනස් නොකරන බව ද ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් ඔවුන් ශක්තිමත් කිරීමට මෙන්ම යුදබිමේ සටන්කළ විරෝධාර රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා කරීමට සැමදා කැපවී සිටින බව ද කියා සිටියේය.

මාතෘ භූමියේ ඉදිරි ගමන පිළිබඳ අවබෝධයක් නොමැති මෙන්ම රටේ ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවකට ලක් කරන පිරිස් විසින් සිදුකරන්නා වූ අවස්ථාවදී කි‍්‍රයාවලින් රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා තුළ පසුබෑමක් ඇති කළ නොහැකි බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ඇතැම් රාජ්‍ය නොවන ආයතනවලට අවශ්‍ය ලෙස රටේ ජාතික ආරක්ෂාව හැසිරවීමට තමා සුදානම් නැති බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

යුධමය ලෙස පරාජය වුවද මතවාදී ලෙස පරාජය නොවු රටින් පිට සිට කිසිදා ඉටුකරගත නොහැකි අපේක්ෂාවන් පිළිබඳ සිහින මවන පිරිස් අන්තර්ජාතික වශයෙන් පරාජය කිරීමට වඩාත් මිත‍්‍රශිලි සහ සුහදශීලි ජාත්‍යන්තර ප‍්‍රතිපත්තිය තුළ කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ස්වකීය ජීවිතයට ද ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව පිළිබඳ නොතකා සිය සගයන්ගේ ජීවිතාරක්ෂාව නොහොත් සිය බළකායේ කාර්ය අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සකී‍්‍රය සේවා කාලය තුළ ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික‍්‍රමාන්විත වූද, අභිත භාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නා වූද කි‍්‍රයාවන්හි නිරතවූ යුධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ස්ථීර සහ ස්වේච්ඡා බලසේනාවල නිලධාරින්ට සහ සෙසු නිලයන්ට පරම වීර විභූෂණය, විරෝධාර විභූෂණය, වීර වික‍්‍රම විභූෂණය, රණ වික‍්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

14601129_10154499182126327_4955141333980414648_n 14910277_10154499182176327_8987589901381603037_n 14732116_10154499182151327_2297564184345878254_n 14907068_10154499182506327_4291349053641726163_n 14721654_10154499182491327_8505750140383371493_nh

LEAVE A REPLY