උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල ප්‍ර‍චාරයවන ඡායරූප සම්බන්ධයෙන් අප යුද හමුදාවෙන් විමසුවා.

හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න පැවසුවේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හමුදා නිලධාරීන්ට කරනලද පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවය.

ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දැක්වූ හමුදාවේ උසස් නිලධාරියකු පැවසුවේ, මෙවැනි නිල ඇඳුමක් මෙරට ආරක්ෂක අංශ භාවිත නොකරන බවය. මෙරට ආරක්ෂක අංශ ඡායාරූපයෙහි දැක්වෙන ආකාරයෙන් අත් නැවීම සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.03-20 02-32

එමෙන්ම මින් එක් ඡායාරූපයක්, බංග්ලාදේශ හමුදාව සම්බන්ධයෙන් 2007 වසරේදී බීබීසීය විසින් වාර්තා කර තිබෙනවා.

04-8-1

ඊයේ ඉඳන් Facebook එකේ ඡායාරුපයක් පළ වෙනවා හමුදාවේ නිලධාරියෙකුට කිසියම් පිරිසක් පහරදෙන. බොළඳ හිත් තියෙන බුකියේ ඉන්න අය මේකට වැරදි අර්ථ කතන දීලා ලංකාවේ වෙච්ච සිද්ධියක් ලෙස මවා පාන්න උත්සහ කරමින් ඉන්නවා.

මේ පින්තුරයේ තියෙන්න බංග්ලාදේශයේ වෙච්ච සිදුවීමක් බව දැන දැන මේ මිනිස්සු කරන්නේ මොකක්ද ?

ජාතිකත්වයන් අතර වෛරය වපුරමින් ආගම් අතර විරසකය ඇතිකරමින් යන මේ ගමන නැවත ලේ වැගිරීමකින් කෙලවර වෙනවටද මේ වගේ පහත් පොස්ට් බුකියට එකතු කරන අය කැමති.

මේක සෙල්ලමක් නොවේ..මේ එක් පෝස්ට් එකකින් එක් මිනිත්තුවකදි වෛරක්කාරයන් දහසක් ඇතිකරන්න හැකියි..නමුත් පොස්ට් දාහක් දවස් ගනන් ශෙයා කලත් බිදුනු හිත් එක් කරන්න අමාරුයි..

බංග්ලාදේශයේ ඇතිවූ හමුදා සිවිල් ගැටුමක ඡායාරූපයක් අපේ රටේ සිද්ධ වුණු එකක් ලෙස ශෙයා කර මොවුන් බලාපොරොත්තුවනුයේ කුමක්ද?

අප Facebook එකේ ඉන්න හැමෝගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමති. ඒ වෙන කෙනේක් ශෙයා කල පෝස්ට් එකක් තමන් ශෙයා කිරීමට පෙර දෙවරක් වගකීම් සහිතව සිතන්න කියා.

 

LEAVE A REPLY