පසුගිය දෙවෙනිදා (2) රාත්‍රියේ අභාවප්‍රාප්ත වු කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ගේ අවසන් කටයුතු ඇයගේ අන්තිම කැමැත්ත පරිදි ඊයේ එංගලන්තයේදී සිදු කරනු ලැබුවා.

අයවැය ප්‍රකාශය අවසන් වීමත් සමගම කතානායක කරූ ජයසූරිය මහතා නැවතත් එංගලන්තය බලා පිටත්වූයේ සිය දියණියගේ අවසන් කටයුතු සිදු කිරීමටය.

මව් සෙනහසින් ලෝකයම අවදිකර මියගිය කරුගේ දියණියගේ අවසන් කටයුතු සිදු කල අයුරු..!

 

15058013_10154527871026488_1517682051_n

15058000_10154527870791488_1480671382_n

මිය යන විට හතළිස් වන වියෙහි පසු වු ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා ගත්තා.

දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා (Martyn Dicker) සමගයි.

කෙසේ වෙතත් මියයාමට පෙර ඇයට පිළිකාව වැලඳුනු හැටි, පිළිකා රෝගි තත්වයත් සමගින් මවක වූ හැටි, සිය දෙවන දරුවාට ජීවත් වීමේ ඉඩ සලසා දීමට ඇයගේ ප්‍රතිකාර පමා කළ හැටි ගැන පසුගිය මාර්තු මාසයේ ඩේලි මේල් වෙබ් අඩිවියේ ඇය ගැන පුවතක් වාර්තා වී තිබුණා.

ඇයට වැළඳී තිබූ පියයුරු පිළිකාවේ පළමු රෝගී ලක්ෂණය ඇයට දැනගන්නට ලැබී ඇත්තේ 2007දීයි. එහිදී ඇගේ පියයුරු ප්‍රදේශයෙන් ගැටිත්තක් හමුවී තිබෙනවා.

ඇය එම මොහොතේදීම රෝග ලක්ෂණ පිලිබඳ කණගාටු නොවීමට තීරණය කර තිබෙනවා.

‘‘මට ඒක අමතක කරන්න ඕන වුණා,ඒත් එහෙම කරන එක ආමරු දෙයක් වුණා..දිනෙන් දින එය (ගැටිත්ත) වර්ධන වනු මට දැනුනා.

ඇයට පිළිකාවක් වැළිඳී ඇති බව හරියටම දැනගෙන ඇත්තේ 2008 වසරේදියි.

‘‘මට මුලින්ම හිතුණේ ඩොක්ටර් වැරදියි කියලා මම ඒක විශ්වාස කළේ නැහැ මොකද ඒ වන විටත් මම හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකළා.

පසුව ඇය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුව තිබෙනවා.දොස්තරවරුන් එහිදී ඇයට පවසා ඇත්තේ මෙම ප්‍රතිකාර නිසා ඇයට දරුවන් ලැබීමේ අවස්ථාව අඩු බවයි.

කෙසේ වෙතත් 2011 වසරේ ඇය නැවතත් පවුල් ජීවිතයක් ගතකිරීම ආරම්භ කොට තිබෙනවා. එහිදී ඇයට දරුවෙකු පිළිසිඳගෙන තිබෙනවා.

හොඳ දරු ප්‍රසූතියකින් පසුව 2012 වසරේදී ඇය සිය පළමු දරුවාට උපත ලබාදෙනවා.ගැහැණු දරුවෙකු වූ ඇයට මාර්ටීන් ඉන්දිරා යුවළ නම් තබන්නේ තිලිණි ලෙසින්.

මෙම කාලය තුළදී ඇගේ පිලිකා තත්වය යටපත් වී ගොස් ඇති බවයි පෙනෙන්නට තිබී ඇත්තේ.

ඒ නිසාම ඔවුන් දෙදෙනා තවත් දරුවෙකු සෑදිමට තිරණය කර තිබෙනවා.

ඇගේ දෙවන දරුවා පිලිසිඳ ගෙන සති 24කට පසු නැවතත් ඇගේ රෝගි තත්වය මතුව තිබෙනවා. එහිදි ඇයට දැනගන්නට ලැබී ඇත්තේ අගේ පිලිකා තත්වය නැවත මතුවී ඇති බවයි.

LEAVE A REPLY