මහබැංකු වංචාව හරහා ඉපයූ අසාමාන්‍ය ලාභය යුරෝපීය බැංකුවක තැන්පත් කිරීම සහ තවත් කොටසක් මෙරට ව්‍යාපාර වල ආයෝජනය කරමින් ඒවායේ අයිතිය ලබාගැනීමට කටයුතු කිරීම සදහා අර්ජුන් ඇලෝසියස් විසින් කටයුතු කරමින් පවතී. සිය පර්පෙක්චුවල් ට්‍රෙශරීස් සමාගම හරහා ප්‍රාථමික වෙළෙන්දෙකු වශයෙන් මූල්‍ය වෙළදපොළ තුලද, ලීඩර් මාධ්‍ය ජාලය හරහා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය තුලද ව්‍යාපාර පවත්වාගෙන යාම ආරම්භ කල අර්ජුන නුදුරේදීම රූපවාහිනී සහ ගුවන් විදුලි ක්ෂේත්‍ර වලද ආයෝජනය කිරීමට නියමිතය. මින් පෙර මෙන්ඩිස් අරක්කු සමාගමද ඔහු විසින් මිලදීගෙන ඇත.

දැනටමත් ඔහු විසින් ජාතික සංවර්ධන බැංකුවේ, DFCC බැංකුවේ සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනයේ මහාපරිමාණ  කොටස් මිලදී ගැනීමක් සිදුකර ඇති අතර නුදුරේදීම සම්පත් බැංකුවේද කොටස් මිලදී ගැනීමට නියමිතය.එම මිලදී ගැනීමත් සමඟම ඔහු බැංකු ක්ෂේත්‍රයේ ද සිය අණසක පතුරවනු ඇත.

මේ ආකාරයෙන් රටේ සෑම ව්‍යාපාර ක්ෂේත්‍රයකම පාහේ වංචා සහගත ලෙස උපයාගන්නා ලද ආයෝජනය කිරීම සදහා අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කරමින් සිටී.

තමන්ට ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති සම්බන්ධතා උපයෝගී කරගනිමින් පර්පෙක්චුවල් ට්‍රෙශරීස් සමාගමේ විශාල ලාභ කොටසක් යුරෝපීය රටක බැංකුවක තැන්පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීම සදහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටින් පිටව ගොස් ඇති බව සහ ඒ සදහා වූ වීසා පහසුකම් අනුමත වන තුරු කෝප් වාර්තාව පමා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු එක්ව රඟපෑමක් කල බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

 

LEAVE A REPLY