හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේද්‍ර වත්මන් යහපාලන රජයට තවරා තිඛෙන මඩ පැල්ලමේ දිග පළල කාටත් පෙර නිවැරදිව අවබෝධකර ගෙන සිටි ජනාධිපතිවරයා ඔහු පිළිබඳව කල් ඇතිව නිවැරදි තීන්දුවක් ගෙන තිබු‚.

මෙය ඉදිරියට ද රාජ්‍ය නායකයින් පමණක් නොව ආණ්ඩුවක නායකයින් ලෙසින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන කාටත් ආදර්ශයකි. ජනාධිපති මෛතී්‍ර අර්ජුන මහේන්ද්‍ර සම්බන්ධයෙන් මෙවන් තීන්දුවක් නොගන්නට කෝප් වාර්තාවකින් හෙළිදරව් වන්නේ තනතුර දරමින් සිටිය දීම මේ රටේ මහබැංකු අධිපතිවරයෙකු දූෂණ චෝදනාවකට වරදකරුවෙකු ලෙසින් නිර්දේශ වීමකි.

එය රටටත්, ආණ්ඩුවටත්, මේ ආණ්ඩුවේ යහපාලන පම්පෝරියටත් හොඳ නැත. එසේම ජාත්‍යන්තර වශයෙන් ද රටට හොඳක් වන්නේ නැත. තනතුරේ සිටියදීම රටක මහබැංකු අධිපතිවරයා වංචනිකයෙකු ලෙසින් නම් වීම වනාහී එම රටට ආධාර උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වන ආයතන හා ආයෝජකයින් පසුබසින කරුණකි.

LEAVE A REPLY