ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදානය කළ ජනාධිපතිතුමා ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය.

15032882_10154562460671327_7423726239086741921_n

මනුස්සකම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට දෙවතාවක් හොරෙන් ඇතුළු වී එය හැක් කළ සිසුවාට මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැක්වූ ප්‍රතිචාරයයි.

අධිකරණය විසින් එකී සිසුවාට පසුගිය 11 වෙනිදා දුන් දඬුවම වූයේ දෙමාපියන් භාරයේ සිටයදී වසර 3 ක් පරිවාස අධීක්ෂනයට පත් කිරීමයි. ඊට දෙමාපියන්ද විරුද්ධ නොවූ අතර පොලිසියද විරුද්ධ නොවීය.

මෙම සිසුවා සහ පවුලේ අය අද ජනාධිපති මන්දිරයට කැඳවූ මෛත්‍රීපාල සිරිසේන මහතා යහපත් ලෙස කතා බහ කර සිසුවාට සහ ඔහුගේ මල්ලිලා දෙදෙනාට ද ත්‍යාග ප්‍රදානය කළේය. සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අවස්ථා සාර්ථක කර ගැනීමට ආශිර්වාදය පළ කරමින් දක්ෂතාවයක් තිබේ නම් එය ජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස මිස වැරදියට භාවිතා නොකරන ලෙසට අවවාද ද කෙළේය.

මේ සිද්ධියත් සමග තරුණයන්ට මතක් විය යුතු වන්නේ පසුගිය වනචර දශකයේදී හිටපු පාලකයාව විවේචනය කරමින් ෆේස් බුක් පිටුවක කොමෙන්ටුවක් දැමූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයෙකු  සුදු වෑන් රථයකින් පැහැරගෙන යෑමයි. අද දක්වා ඒ තරුණයා යලි ගෙදර ආවේ නැත.

මේ සිද්ධියත් සමග  අපට මතක් වන්නේ මහින්ද රාජපක්ෂ ඇමරිකාවේ හූස්ටන්හි ප්‍රකට පිළිකා රෝහලකින් ප්‍රතිකාර ගත්තා යැයි අප විසින් පළ කළ පුවතකට පසු ලංකා ඊ නිව්ස් ආයතනය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කිරීමයි.

 

15055788_10154562460696327_6583874207140957372_n 15078972_10154562460751327_6977866013815874629_n

LEAVE A REPLY