කූජිත පොලිස්පතිගේ හා රතු අලි පැටියාගේ කොළ පාට යටඇඳුම ගැලවුණ බව පා.ම විමල් වීරවංශ මහතා පවසයි.

රාජ්‍ය මාධ්‍ය පසුගිය කාලයේ ඒකපාර්ශ්වික ලෙස කටයුතු කළ බවට රතු අලි පැටියා චෝදනා කළ බවද, දැන් එවැන්නක් සිදුවනවා ඔහුට පෙනෙන්නේ නැතිද? මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

කොළඹට ඊයේ මහ ජනගඟක් පැමිණි බවත්, ඕන මෝඩයෙකුට එය තේරෙන බවත්, ලක්ෂ්මන් කිරිඇල්ලට එය පෙනුනේ නැති නම් කණ්ණාඩියක් දාගෙන බලන්නැයි ඉල්ලා සිටින බවත්, ඒ  මහතා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රීලනිප ක්‍රියාකාරීන් මෙවරත් විනය පොල්ල දමා මර්දනය කිරීමට උත්සාහ කළ බවත්, පැවසූ මන්ත්‍රීවරයා එජාපයටවත් මෙතරම් සෙනඟක් කොළඹට ගෙනඒමට නොහැකි වූ බවත්, ඔහු පෙන්වාදුන්නේය.

එම මාධ්‍ය හමුවට එක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මිලියන 2ට වැඩි සංඛ්‍යාවක් කොළඹට පැමිණි බවයි.

එට්කා ගිවිසුම ඇතුළු රටට අහිතකර සියල්ල නතර කළ යුතු බවත්, දෙවැනි වතාවටත් කොළඹට ජනතාව ගෙන්වා ගැනීමෙන් වළකින්නැයි ආණ්ඩුවට අවධාරණය කරන බවත්, හෙතෙම පැවසීය.

ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීම අනුමත නොකරන බවත්, පෙළ පාලියට එක් නොවූ පිරිසක් සැලසුම් සහගතව එය කරන්නට ඇති බවත්, මන්ත්‍රීවරයා මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසීය.

LEAVE A REPLY