රජයේ වාහනයක්‌ අවභාවිත කොට රජයට රුපියල් එක්‌ ලක්‍ෂ 46 දහසක අලාභයක්‌ සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය (23 දා) නියෝග කර සිටියා.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙකු ලෙස 2011 මාර්තු මස විශ්‍රාම ගිය සරත්චන්ද්‍ර මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පත්කර ඇති බවත් එම තනතුර 2015 ජනවාරි මස වර්තමාන රජය පත්වීමෙන් පසුව අහෝසි කර ඇති බවත් විමර්ශන සිදුකළ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි. ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලබාදී තිබූ නිල වාහනය හා රියෑදුරු සැකකරු විසින් 2015-01-21 වැනිදා සිට 2015-08-21 දක්‌වා කාලය අතරතුරදී නිල නොවන අයුරින් තම පෞද්ගලික සේවයට යොදවා ගැනීම මගින් එකී අලාභය සිදුකොට පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව පෙන්වා දෙමින් පොලිස්‌ විශේෂ විමර්ශන අංශය කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් එම නියෝගය කළේය.

මේ පිළිබඳව සැලවූ වහාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස්පති පූජිත ජයසුන්දරව කැඳවා මේ පිළිබඳව විමසා ඔහුට තදින් බැණ වැදී ඇතැයි වාර්තා වෙනවා.
විශේෂයෙන්ම පසුගිය රජයේ දුෂිතයන්ට එරෙහිව ඉතාමත් මන්දගාමී කටයුතුවල යෙදෙන පූජිත ජයසුන්දර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා සමග පෞද්ගලික තරහක් පිරිමසා ගැනීමට මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ. අ

විශේෂයෙන්ම මේ වනවිට ජනාඪිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු සිදු කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය
විසින් වන අතර පසුගිය දිනවල දිගින් දිගටම ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ අතර ඇති කරලීමට උත්සහ කල බේදකිරීමේ අලුත් අයුරකින් ක්‍රියාත්මක වීමක් ලෙස මේ සිදුවීම හුවා දක්වන දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පොලිස් දෙපාර්තුව තව දුරටත් මෙලෙසින් දේශපාලනීකරන වූවොත් දැඩි දේශපාලන අවුල් සහගත තත්වයක් රට තුල ඇතිවන බවයි.
එබැවින් ජනාධිපතිවරයා මෙලෙසින් තදින් කටයුතු කිරීම පිළිබඳව ඔවුන් තම ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ලබනවා.

LEAVE A REPLY